(අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගතය නිසා පක්ෂයේ කටයුතු වලින් සියයට අසූවක්ම කරන්නට වන්නේ ඔන්ලයින් තාක්ෂණය උපයෝගී කරගෙන වන හෙයින් හෙයින් ඊට සියලුම දෙනා සූදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන්නේ ය.
එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ පස් වන සංවත්සරය පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක් අතරවාරයේ දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය .
තාක්ෂණය උපයෝගී කර ගනිමින් පක්ෂයේ කටයුතු මෙහෙයවන ශ්‍රී ලංකාවේ පළමු පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කීය.
මෙම සාකච්ඡාව සඳහා නියෝජනය රුවන් විජයවර්ධන ,සභාපති වජිර අබෙිවර්ධන මහත්වරු ප්‍රමුඛ නායකයෝ සහභාගී වූහ.
COMMENTS
හොද වෙලාවට මම බලයේ ඉන්නකොට ෆ්‍රී වයිෆයි ඔක්කොටම දුන්න හින්ද එය මටත් ප්‍රයෝජන වෙනවා.... මේ වගේම තමයි මගේ කාලේ පටන්ගත්ත ෆොක්ස්වැගන් "පැට්ටේරියත්" නුදුරු අනාගතේදී අපට ප්‍රයෝජන වෙනවා.... ඉතින් මම පුතානෝට වඩා හොද නැද්ද ?
කොහොමත් කලින්ම ඉදන් ඔන්ලයින් මර්කටින් යනවනේ, social media එහෙම වැඩනේ දිගටම
අපට නම් පෙනෙන්නේ මේ සම්මත ජාතියට ගොඩ එන්න බැරි ආකාරයට " ඩවුන් ද ලයින්" ගිහිල්ලා වගෙයි.
එජාපය සෑම විටම නවීන විද්‍යාව තාක්ෂණයට ප්‍රමුඛ ස්ථානයක් දුන්නු පක්ෂයක්. නායකතුමා හෙටට ඔබින නව ලොවක් දකින තැනැත්තෙක් වීම ආඩම්බරයි. 75වැනි සංවත්සරයට ජයපතමි..
ගියපාර පිනා චාන්ස් එකක් වැදුණා.. බලමුකෝ ඔන්ලයින් කළාට පස්සේ කීයක් පාර්ලිමේන්තු යයිද කියලා..? කොහොමත් එජාප ඔන්ලයින් තමයි හරියන්නේ. දැන් ඇවිදින්නත් අමාරුයිනේ..
රවීන්ද්‍ර, ෆ්‍රී වයිෆයි, ෆොක්ස්වැගන් "පැක්ටේරියත්" නොව මේ වනවිට රටේ ජනතාවට සිනි, පිටි ගන්න පෝලිමේ ඉන්නවා. කිරිපිටි බොන පොඩි අයට කිරිපිටි ගන්න පෝලිම්වල ඉන්නවා. දැනට වසර 2කට පෙර දියුණුවෙමින් පැවැති රටට මොකද වුනේ? මේ කවුද? මොනවද කරන්නේ?
දැන් හැමදේම ඔන්ලයින්
අපි දැක්කා දියුණු වෙමින් සිටි විදිය 2015 සිට 2019 වෙනකම් . ඒක ඔබ නොදුටු එක තමා පුදුමේ . 2015 6% ට තිබුණු සංවර්ධන වේගය 2016 දී 4% උනා . 2017 දී 3% ට බැස්සා . 2019 වෙනකොට 2% ට බැස්සා . ඒ විතරක්ද සංවර්ධනය කලේ ? dolaraya 133 සිට 183 ට ගෙනාවා අවුරුදු 5 ට . ඒක පුද්ගල අදායම ඩොලර් 3700සිට ගොලුබෙලි ගමනින් වැඩි වෙලා 3750 වුනා . ණය කන්ද අවුරුදු 5ට දෙගුණ කළා . ඇති නේද සංවර්ධනයේ තරම . ඒ විතරක්ද අන්තවාදීන්ට ඕනේ විදිහට බෝම්බ ගහලා මිනිස්සු මරන්න ඉඩ දීලා ඔවුන්වත් සංවර්ධනය කළා .
100% කරන්න පක්ෂයක් තියෙන්න එපැයි
සූම් තාක්ෂණයෙන් වරකට සාකච්චාවට සහභාගී වෙන්න පුළුවන් ඉතාම සීමිත පිරිසකටයි. ඔය පක්ෂේ දැන් ඉතිරිවෙලා ඉන්න ගණන එයින්ම පෙනෙනවා.
මියගිය සුනිල් පෙරේරා සහ දැනට ලංකාවේ සිටින සහ විදේශ ගතව සිටින කල කරුවන් විසින් දැනට දසක කිහිපය කට පෙර ගායනය කරන ලද " ලොවේ සැමා " ගීතය වෙනසක් කර හෝ නොමැතිව ඉදිරි මැතිවරණ වේදිකාව වෙනුවෙන් ලබාගැනීමට හැකිනම් වටිනේය. සියලු ජාතින් වෙනුවෙන් හඩක් නැගු සුනිල් පෙරේරා එදා ගයනා කල එම ජනප්‍රිය ගීතයට පසුගිය වසර කිහිපයට වඩා ඉදිරියේදී වටිනාකමක් ලැබෙනු ඇත. මේවන විට ජිවතුන අතර නැතත් සුනිල් පෙරේරා ගේ මම ගීතය ඉදිරියේදී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ගීතය බවට පත්වනු ඇත
එ්කත් නොකර ඉන්නකෝ...!!!
හලෝ සියලු ජාතීන් වෙනුවෙන් එක හඬක් නගන්න පුළුවන් සියලු ජාතීන්ට තිබෙන්නේ එක අරමුණක් නම්. එක ජාතියකට රටෙන් කොටසක් අයිති කර ගැනීමේ අරමුණින් ඉන්නවානම් තව කොටසක් අපේ දෙවියන් විස්වාශ නොකරන මිනිසුන් මරා දමන්න ඕනේ. මුළු රට අපේ ආගමට අයිති වෙන්න ඕනේ කියා සිතනවානම්, එකෙක් මොර දෙනවානම් අපේ නීතිය ෂර්යා කියලා කොහොමද ලොවේ සැමා එක හඬකට ගොනු වෙන්නේ?
පක්ෂ සංවිධායකයෝ හැරුණු විට සාමාජිකයෝ හෝ ඡන්දෙ දෙන්න බලාගෙන ඉන්න පිරිසක් නම් රටේ දකින්න නැත. කොටින්ට රට පාවාදීලා පක්ෂයත්, රටත් විනාශ කරපු එක අමතක වෙන්නේ නැහැ කාටවත්...
ඔය කියන ජ්‍යෙෂ්ඨයින්ට ඇස් කණ්ණාඩි, ශ්‍රවණාබාධිත උපකරණ, රෝදපුටු, සහ අත්වාරු ලබාදීමට විදේශයක අසරණ සරණ වැඩසටහනකින් උපකාර ලබාදිය හැකියි.
එය වර්තමාන තත්වයට හොඳයි. මම 1960 සිට එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. පරාජයට පූර්ණ සහය ලබා දෙමි.
පාරේ බැහැලා යන්න බැරි වුනාම ඔන්ලයින් තමයි කරන්න වෙන්නේ