IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


“ආමි සුරංග” රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

විදේශීය රටක නිශ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටියැයි මුල්ලේරියාව පොලීසිය අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බුද්ධික ප්‍රසාද් නොහොත් “ආමි සුරංග” නැමැත්තා සහ තවත් පුද්ගලයකු ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. මහවත්ත මහත්මිය අද  (28) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හිඹුටාන ප්‍රදේශයේ පදිංචි රන්සි`ථ පේඩිගේ බුද්ධික ප්‍රසාද් නොහොත් “ආමි සුරංග” සහ කඩුවෙල ප්‍රදේශයේ පදිංචි ක`ථආරච්චිගේ චාමර චතුරංග නැමැත්තන්ය.

මෙම සැකකරුවන් යතුරුපැදියකින් ගමන් කරමින් මල්ලක බහා ගිනිඅවියක් රැගෙන යන බවට පොලීසියට ලද තොරතුරකට අනුව වල්පොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම සැකකරුවන් ඉකුත් 2018 වර්ෂයේදී පෑලියගොඩ පොලිස් වසමේදීද මේ ආකාරයෙන් ගිනි අවියක් සමග පොලිස් අත්අඩංගුවට පත්වූ අතර, ඉකුත් 2020 වර්ෂයේදී පොලිස් හැදුනුම්පතක් පරිහණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අයවලුන් බවත් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම සැකකරුවන් ඉකත් 2014 වර්ෂයේදී වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගනයේදී පැවැති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමකට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන සැකකරුවකු බවද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර ගිනි අවිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා මෙන්ම සැකකරුවන්ගේ ජංගම දුරකතන සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා කැදවීමටත් නියෝග කළේය.



අදහස් (0)

“ආමි සුරංග” රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site