IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


රජයේ සේවකයින් එෆ්සීඅයිඩී යාම වළක්වන්න විශේෂ පනතක්

ජයන්ත සමරකෝන්

 

රාජ්‍ය සේවයේ දී සද්භාවයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් පොලිස් විශේෂ මුල්‍ය අපරාධ කොට්ඨාසයට රැගෙන යාම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවට විශේෂ පනතක් ගෙන එන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හිතට එකඟව අවංකව රාජකාරී කරන නිලධාරින් රැකගැනීම හා ආරක්ෂා කිරිම සිය රජයේ වගකීම හා යුතුකම බවද අගමැතිවරයා කීය.

මුදල් ඇමැති ලෙස සිය අමාත්‍යාංශයේ වැඩ බාරගැනීම නිමිත්තෙන් අගමැතිවරයා අද (25) මෙසේ පැවසීය.

 

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා

 



අදහස් (31)

රජයේ සේවකයින් එෆ්සීඅයිඩී යාම වළක්වන්න විශේෂ පනතක්

චරිත් Monday, 25 November 2019 07:40 AM

නැමෙන නැමිල්ල... ලැජ්ජයි..!!!

:       7       622

sumithMonday, 25 November 2019 10:12 AM

එ්කනේ, කශේරුකාවක් තියෙනවද මන්දා හැබෑටම.., එක අතකට නැමුණාට මොකෝ හතර වරිගෙම ගොඩනේ 2025 වෙනකොට නැද්ද මගේ අම්මා...?

:       1       163

damit Monday, 25 November 2019 07:49 AM

ඔන්න ඉතින් මෙයාලා ඔක්කොම සුද්ධ වෙලා.. හොරු රජ වෙන කාලේ හරි. අපි වගේ මෝඩ ජාතියක්..

:       49       930

Akanaj Monday, 25 November 2019 07:59 AM

එල එල! අපි දෙන ඕනෑම නියෝගයක් නුඹලා ක්‍රියාත්මක කරන්න ඕනේ... නීත්‍යානුකූලද? නැතිද? ප්‍රශ්නයක් නැහැ. ඔබලාට නඩු දාන්නත් බැහැ අපිට කොහොමත් නඩු දමන්නේ නැහැනේ වැඩේ ගොඩ... අපි ඔක්කොම නියෝග දෙන්නේ සත්භාවයෙන් තමයි. එ්ක එහෙම නෙමෙයි කියලා නඩු දමන්නත් බැහැ. එන වසර පහ බය නැතුව අපි කියන දේවල් කරපල්ලා.. ඔන්න දූෂණයට පාර හදලා දුන්නා. අපි කළ හැමදෙයක්ම කලේ සද්භාවයෙන් තමයි. අපේ ඇමතිවරු පහුගිය රජයේ ඇමතිවරු හොරකම් කරපුවා ඔක්කොම කලේ සත්භාවයෙන්.. එ්ක නිසා කිසිම රජයක නිලධාරීන් තමාගේ ඇමතියා දෙන හොර නියෝග ක්‍රියාත්මක කළාට නඩු නැහැ...

:       74       1068

rohan Monday, 25 November 2019 08:01 AM

එ් කියන්නේ ඒ ගොල්ලන්ට ඕනෙම වරදක්, දූෂණයක් කරන්න පුළුවන් නීතියෙන් ගැලවීමක් තියනවා. ගොඩක් හොඳයි.

:       12       537

sandy123Monday, 25 November 2019 08:22 AM

ජනාධිපති මුක්තිය වගේද?

:       1       346

දිමුත්Monday, 25 November 2019 09:09 AM

ඒ කියන්නේ හොරකම් කළත් අවුලක් නැහැ.

:       1       397

naushi Monday, 25 November 2019 08:09 AM

ඔය හොර සෙට් එක යස අගේට රවුමේ ඉන්නේ. හොරුන් සුද්දවන්තයින් කරන කාලය එළඹී තිබේ. මහජනයාට දෙවියන්ගේ පිහිටයි...

:       30       867

sharm warn Monday, 25 November 2019 08:12 AM

උගත් නිලධාරීන් හිරේ, විලංගුවේ වැටුණේ කාගේ වරදින්ද කියලා දැන් අමතකයි වගේ.. රජයේ උසස් නිලධාරීන්ට හැමදාම වුනේ මේ කාලකන්නි පාලකයන්ගේ පව් සෝදන්න තමයි.. ඒ ගොල්ලන්ව හිරේ නොවැටෙන්න නම් පාලකයෝ හොරකම්, මැරකම් කරන එක නවත්තන්න ඕනෑ.. දෙවෙනි එක නොවී පළවෙනි එක නවත්තන්න බැහැනේ.. රාජකාරි මට්ටමින් අත්සන් කරපු එකාගේ හිස තමයි කොයි වෙලේ නමුත් දංගෙඩියට යන්නේ.. කට්ටිය දැන් සතුටු වෙනවා ඇති තමන්ගේ තෝරා ගැනීම ගැන... ගෝඨාභයත් පව් ඉතින් ...

:       2       279

Indhika Monday, 25 November 2019 08:19 AM

ජොනී එකේ සතුටට වැඳගෙනමයි ඉන්නේ...

:       0       564

sandy123 Monday, 25 November 2019 08:21 AM

කෝ මේ මඩු වලිගය...? හොරු ටික සීරුවෙන්.

:       18       316

සෙනෙවිරත්න Monday, 25 November 2019 09:59 AM

මඩු වලිගය ගිය බව අමතකද? දැන් නීතිගරුක රටක් කට්ටියනේ ඉන්නේ...

:       5       133

Kumara Monday, 25 November 2019 08:31 AM

පනින රිළවුන්ට ඉනිමං තියන්නයි හදන්නේ...

:       0       312

Nuwan Monday, 25 November 2019 08:47 AM

ඕකනේ කරන්න බැරි... බලේට එනකන් ඉන්නේ හොරකමෙන් බේරෙන්න ක්‍රම හදන්න. රට ණය අගාධයේ හිරවෙලා චීනෙට, ඉන්දියාවට, ඇමෙරිකාවට රට කැඩෙන්න යනවා. රටේ සම්පත් නාස්තිය ඉහළට, වංචා, දූෂණ කප්පරක්. මොනතරම් හොඳට කරන්න පුළුවන්ද? හරි මනුස්සයෙක්ට බලය ආවා නම්... මම එදා වගේම අදත් කියනවා මාගේ මාතෘ භූමිය විනාශ කලේ නිල්, කොළ, රතු, දේශපාලුවන්.

:       1       377

athuraMonday, 25 November 2019 09:44 AM

දැන් ඕක වෙනස් කරන්න නිල්, කොළ, රතු සමග කුරහන් පාට කියා යොදාගන්න...

:       0       59

NuwanMonday, 25 November 2019 10:24 AM

කුරහන් තලපයට අගෞරවයක්... ඒ නිසා එ්ක රතු ගොඩටම දැම්මා...!

:       4       39

චන්න Monday, 25 November 2019 08:53 AM

පනතක් ගේන්න බැරිද? සද්භාවයෙන් කරන හොරකම් සහ තක්කඩිකම්වලට නඩු දමන්න බෑ කියලා...

:       0       316

sas Monday, 25 November 2019 09:01 AM

රජයේ සේවකයන් නැමෙන හැටි...

:       0       206

සෑම් Monday, 25 November 2019 09:02 AM

මේ අය ඉතාමත් නින්දිත විදිහට තමන් කරපු සහ තමන් කරවපු හොර, වංචා, දූෂණ නීතියෙන් අහෝසි කරවා ගැනීමට පහත් ආකාරයට බලය යෙදවීම ආරම්භ කර තිබෙනවා. නීතිය, සදාචාරය අමුඅමුවේ උල්ලංඝනය කිරීම අතිශයින් කණගාටුදායකයි...

:       1       510

sandy123Monday, 25 November 2019 10:33 AM

උදම් අනපු 69ට තෙරුවන් සරණයි. දේශපාලකයින්ට, හොරකමට ජනතාව ලයිසන් දෙනවා. දේශපාලකයින් රජයේ සේවකයින්ට හොරකමට ලයිසන් දෙනවා... නියමයි. හොරු සමග හෙළුවෙන්. හිටපු අයයි, ඊට ඉස්සර හිටපු අයයි කාලෙන් කාලෙට හොරකම් කළා. දැන් ලයිසන් හොරු එන්න යනවා.

:       0       274

nilan Monday, 25 November 2019 09:31 AM

අපි කරගත් දෙයක්... අපි වැටිච්ච වලක්...

:       0       256

Sadun Monday, 25 November 2019 09:56 AM

රෙදි ඇඳගෙන මේ වගේ ලැජ්ජා සහගත වැඩ කරන්න පුලුවන්ද හප්පා?

:       0       206

සෙනෙවිරත්න Monday, 25 November 2019 10:02 AM

රතු? මොන රතුද? වාසු රතු තිසි විතාරණ රතු, කොල්ලුරේ රතු, ඇන් ඇම් රතු, ජවිපෙ රතු...

:       0       14

සෙනෙවිරත්න Monday, 25 November 2019 10:04 AM

කරන්න තියෙන පළමුවන කාර්යය... නැද්ද මං කියන්නේ?,

:       0       122

sandy123 Monday, 25 November 2019 11:57 AM

කියන්න අමතක වුණා. අගමැති තාත්තා වැඩ පටන් ගනී...

:       0       36

lankasri Monday, 25 November 2019 01:33 PM

උඩ දාගෙන දුන්නනේ සිංහල ඡන්දයෙන්මයි පත් කර ගත්තේ.

:       0       72

Niran Monday, 25 November 2019 02:23 PM

සතුටේ බෑ අනේ

:       0       21

Mahee Monday, 25 November 2019 02:45 PM

එතකොට ශානි අබේසේකර, නිශාන්ත සිල්වා වැනි උදවිය රජයේ සේවකයෝ වශයෙන් කරපු රාජකාරි මේ පනතට අදාළ නැද්ද? ඒ ගොල්ල තලගොයින් බවට පත්කරන ලද කබරගොයි වගෙයි පේන්නේ. ඉස්සරට කියන කියන දේ ඔක්කොම"එහෙමයි සර්" කියලා කරන අය කෙලින්ම තලගොයි නිදහස්. මාර සද්භාවයක් නොවැ...

:       0       37

BamunuarachchiTuesday, 26 November 2019 02:26 AM

"සත්භාවයෙන්" කියන එක තේරෙනවාද? සානී අබේසේකර වැන්නවුන් ක්‍රීයා කර තිබෙන්නේ ඔවුන්ගේ හිතුමනාපයට ඇමතියන් සතුටු කිරීමට බව ජනාධිපතිගෙන්ම කියවුනා. එමනිසා ඔවුන්ගේ වැඩවල සත්භාවයක් එතන නැහැ. පනතට අනුව වැඩේ අවසන් උනාමයි කරපුදේ හරිද වැරදිද කියලා කියන්න පුළුවන්.

:       33       0

indra Monday, 25 November 2019 05:49 PM

සත් භාවයෙන් වැඩ කරන අයට පනත් ගේන්න අවශ්‍යද ? මේකෙන් දෙපැත්තම රැකෙනවා භය නැතිව ඕන දේකට අත්සන දෙන්න පුළුවන් ,මේ ආරම්භයද ?

:       0       21

darshana Tuesday, 26 November 2019 03:06 AM

මා දන්නා තරමින් මේ සදහා නව නීති අවශ්‍ය නැහැ. දැනටමත් පවතින නීතියේ තිබෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ කරන ලද ක්‍රියාවක් සත් භාවයෙන් කරන ලද්දක්ද නැද්ද දේශපාලකයන් වැරදි ලෙස අර්ථ දක්වා ගැනීමි. කන්ඩ උන වුනාම කබරගොයා තලගොයා කරගැනීම.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 630 0

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 209 0

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 1077 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 1505 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 1627 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 2648 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1258 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1526 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 399 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site