IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


මැති ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම නවතා එම මුදල් කොරෝනා මර්දනයට යොදවන්න

(නිමල කොඩිතුවක්කු)

රටේ ජනතාවට කොරෝනා එන්නත ලබා දීමටත්, අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ තුලින් සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමටත්, කඩා වැටුණු ජන ජීවිත නැවත පිළිසකර කිරීමටත් ඇතුළු බොහෝ ජනතාවාදී කටයුතු තිබියදී, කඩිමුඩියේ වාහන ගෙන්වීම පිළිබඳව සමඟි ජනබලවේගයේ දැඩි විරෝධය පලකරන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

එම තීන්දුව  වහාම අත්හිටුවා, එම මුදල් කොරෝනා මර්ධනය ඇතුලු ජනතා සුබවාදී කටයුතු වෙනුවෙන් යොදවන ලෙස  ආණ්ඩුවට බලකර සිටින බවත් මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
  
"තම ජනතා විරෝධී පිළිවෙත ආණ්ඩුව දිනෙන් දිනම ඔප්පු කරමින් සිටින අතර වගකිවයුතු විපක්ෂයක් ලෙස ආණ්ඩුවේ එවැනි කටයුතු ඉදිරියේ මුණිවත නොරකින බවට සහතික වෙමු.

වසර දෙකක් තිස්සේ රටේ සමස්ත ජනතාව පීඩාවෙන් පීඩාවට පත්ව ඇති අතර උදා වී ඇත්තේ ජනතාව පටි තද කරගන්නා මොහොත නොව,පාලකයින් පටි තදකරගතයුතු කාලය බව ආණ්ඩුවට නැවත සිහිපත් කරමු.

ආණ්ඩුව වහාම කළ යුත්තේ මනා කළමාණාකාරීත්වයකින් යුතුව ජනතාවාදී තීන්දු ගැනීම බවත්,ජනතාව උදෙසා ගනු ලබන තීන්දු වලට නූතනවාදී විපක්ෂයක් ලෙස කොන්දේසි විරහිතව සහය දෙන නමුත් ජනතා ද්‍රොහී කටයුතු වෙනුවෙන් අංශුමාත්‍රයක සහයක් අප ලබා නොදෙන බවත් ආණ්ඩුවට අවධාරණය කරමු" යැයිද එහි සදහන් වේ. 



අදහස් (8)

මැති ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම නවතා එම මුදල් කොරෝනා මර්දනයට යොදවන්න

Dhammika Monday, 14 June 2021 11:56 AM

ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියලා තිබ්බා ඇරපු LC කැන්සල් කරන්න බෑ එහෙම උනොත් BOC එක BLACK LIST වෙනවා කියලා. පුළුවන් නන් අන්න ඒක නවත්තන්න අශ්වයා ගියාම ඉස්තාලේ වහන්නේ නැතුව. නැත්තන් අපි දැන් දන්නවා කාගේ කාගෙත් හැටි. කලින් අවුරුදු 5 අපි දැක්කානේ ඔයාලා කරපු විදිහ.

:       1       0

fairoos Monday, 14 June 2021 12:30 PM

වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.

:       0       58

Rata Perata Monday, 14 June 2021 12:33 PM

සජිත් ප්‍රේමදාස වාහන ගෙන්වන එකට එකඟ වෙලා දැන් මොනවද මේ කියවන්නේ? ආණ්ඩුව වගේම විපක්ෂයත් ජනතාව ගොනාට අන්දන්න හදන්නේ...

:       83       3

SUNIL MILANO Monday, 14 June 2021 01:22 PM

කෝටි 32 වෙඩි නොවදින කාර් ගෙන්වන්න අත උස්සපු අය අද... බබාලා වෙන්න හදනවා..!!!

:       4       145

wimal Monday, 14 June 2021 02:10 PM

මේ කවුද? අඟහරු ලෝකයෙන් පාත්වෙච්ච කෙනෙක්ද කොහේද? බුදු අම්මෝ මිනිස්සුන්ට තියෙන ආදරේ... මේ අය සේරම මකබෑවිලා ගියදාට තමයි මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට යහපතක් සිදුවෙන්නේ...

:       0       20

මුණසිංහ Monday, 14 June 2021 03:31 PM

ඔයාල ආණ්ඩුව කරපු හැටි අපිට හොඳින් මතක තිබෙනවා. ඔය කයිවාරු ආණ්ඩුව ක් ගන්න කම් විතරයි

:       11       0

දිසා......ගම්පහ Monday, 14 June 2021 03:56 PM

විපක්ෂයේ ඉන්න විට එන්නේ මාර අදහස් තමයි.

:       0       10

Sri Lanka Monday, 14 June 2021 05:34 PM

කොරෝනාවලට වියදම් කළොත් ඔක්කොම සල්ලි යන්නේ කොරෝනා සමාගමට... වාහන ගෙනාවොත් අපේ මිනිස්සුන්ට ජොබ් ටිකක් වැඩිවෙනවා. ඒ ගැන හිතන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 1 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 978 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site