IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


මත්තල වන අලි දක්ෂිණ අධිවේගයට ඇවිත්

(දිලීප් ජයසේකර)

ඉදිකිරීම් අවසන් වෙමින් පවතින මත්තල - මාතර දක්ෂීණ අධිවේගී මාර්ග දිගුවේ මත්තල පිවිසුම් දොරටුව ආසන්නයෙන් දිනපතා වන අලි රංචු පිටින් අධිවේගී මාර්ගයට පැමිණීම දක්නට ලැබේ.

අද (7) අලුයම වන අලි 20ක පමණ රංචුවක් මත්තල අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුම අසලින් මාර්ගයට පැමිණ තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු කම්කරුවන් පවසන්නේ  දිනපතා වන අලි රංචු පිටින් අධිවේගී මාර්ගයට පැමිණෙන බවත් මේ හේතුවෙන් රාත්‍රී කාලයේ අධිවේගී මාර්ගයේ විවිධ ඉදිකිරීම්වල නියැළෙන කම්කරුවන්ගේ ජීවිත ද දැඩි අනතුරුදායක තත්වයට පත්වී තිබෙන බවයි.

 



අදහස් (14)

මත්තල වන අලි දක්ෂිණ අධිවේගයට ඇවිත්

රජින්ද Monday, 07 October 2019 07:15 AM

අසාර්ථක සංවර්ධනය. අවුරුදු ගානක් මේ සත්තු එහා මෙහා ගිය මංකඩවල් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පාරවල් දදා වෙන් කරලා. මේ වගේ ව්‍යාපෘති කරන ඉංජිනේරුවන්ට හෝ ඒවාට අනුබල දෙන මැති ඇමතීන් හෝ මේ රටේ පාරිසරික හා වනජීවී සාධකය බරපතල ලෙස අපයෝජනය කරනවා. මේවයේ විපාක මේ අහිංසක සත්තුන්ට විතරක් නෙවෙයි කවදාහරි පාරිසරික අසමතුලිතභාවය නිසා මේ අවට ගම්මාන වල මිනිස්සුන්ටත් ගෙවන්න වෙනවා. බලධාරීන් මේ තරම් ආත්මාර්ථකාමී උනේ කොහොමද කියල හිතා ගන්න අපහසුයි.

:       168       558

kapMonday, 07 October 2019 07:30 AM

රජින්ද , බලධාරීන් සහ නිලධාරීන් ආත්මාර්ථකාමී නෙමෙයි.මෙච්චර මෝඩ උනේ කොහොමද කියල අහන්න? දේශපාලකයන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරන්න ගිහින් මුළු රටම නැතිකරලා දැම්මා.

:       22       144

RaveendraMonday, 07 October 2019 08:16 AM

ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු.

:       1       153

NimalMonday, 07 October 2019 11:42 AM

ලංකාවේ විශ්ව විද්‍යාල වලින් ඉන්ජිනේරුවෝ බිහි වන්නේ නෑ. බිහි වන්නේ බාසුන්නැහේලා කට්ටියක්. රට මොකක්ද රටට අවශ්‍ය කොහොමද කියලා දන්නේ නෑ එයාලා. මේක ප්‍රතිපත්ති සම්පාදකයන්ගේම වැරැද්දක්. අපරාදේ රට

:       2       4

කමලදාස Monday, 07 October 2019 07:28 AM

ජනතාව නිදාගෙන ඉන්න අතර හොර රහසේම අලි මත්තල වෙනකන් ඇවිල්ලා...

:       13       55

isurandi Monday, 07 October 2019 07:39 AM

ඒ සතුන්ට අයිති දේපළ අවහිර වෙද්දී මෙවැනි සිද්ධීන් වෙන එක අහන්න දෙයක්ද?

:       3       83

රවින් Monday, 07 October 2019 08:37 AM

සතා සිව්පාවා හැමදාම ගමන් කරනුයේ ඔවුනොවුන්ට ආවේණික ක්‍රමවේදය කට... පරිසර වාර්තාවක් හරියට සැකසුවා නම් මේ සිද්ධවීම වෙන්නට කොහොමත් බැහැ. කැලේ නිතර අලි ගමන්මග ලෙහෙසියෙන් හඳුනාගන්න පුළුවන්... අධිවේගී ගමන් මග වගේ බොහොම ලස්සනට තියෙන්නේ...

:       1       50

Trishan Perera Monday, 07 October 2019 06:04 PM

මේ ව්‍යාපෘතියේ පරිසර වාර්තාව නිවැරැදිව තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම අලි ඉන්න ප්‍රදේශයක්. මේක වටේටම අලි වැටක් ගහලා තියෙන්නේ. එ්වගේම මීටර 640ක් හා 240ක් දිග ගුවන් පාලම් මතින් මාර්ගය ඉදිකරලා තියෙන්නේ අලින්ට පාර යටින් ගමන් කරන්න පුලුවන් වෙන්න. නමුත් මෙතන ගැටළුව තියෙන්නේ නුසුදුසු තැනක ගුවන්තොටුපලක් ඉදිකිරීම නිසායි. මීට වඩා වැඩිවිස්තර මම දැනගත්තත් අපේ මිනිස්සුන්ට කියලා වැඩක් නෑ.

:       0       1

amila Monday, 07 October 2019 08:42 AM

මන්කඩවල් අඳුරගෙන පාරයටින් උමංහාරලාවත් මේ සත්තුන්ට නිදහසේ පාර මාරුවෙන්න හදලා දෙන්න...

:       1       32

janabala Monday, 07 October 2019 09:42 AM

ආන්න බලන්න ඉන්ජිනේරුවක් නොවුනත් පිළියම් යෝජනාව ආවේ දැන්

:       1       6

ali Monday, 07 October 2019 09:17 AM

අපි ආවේ අලුත් පාර බලන්න මිසක් ඒකේ කෙහෙල් හිටුවන්න නෙමේ.

:       2       2

ලුම්බිණි Monday, 07 October 2019 09:27 AM

ඉස්සර සුද්දන්ගේ කාලේ කළා වගේ උමං හාරන්න මේ සතුන්ට පාර මාරු වෙන්න.

:       1       15

Ruhune ali Monday, 07 October 2019 12:05 PM

රාජපක්ෂලාගේ වැඩ අපිට යන්න එන්න විදිහක් නැහැ යකඩ බම්බු හයි කොරල අහු උනොත් පවුලේ අයව අපි බලා ගන්නම් අලින් අඳුරන්නේ නැහැ කෝ අපේ අලි මංකඩ

:       0       1

janahitha Monday, 07 October 2019 12:09 PM

බොරැල්ලේ හැදුව වගේ එකක් හදා දෙන්න පුළුවන්නේ පාර යටින් යන්න කෙහෙල් කන් ටිකකුත් තිබ්බ නම් අලි යන්න පුරුදුවෙනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 826 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 953 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 388 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site