(යොහාන් භාසුර)
ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල හෙට (24) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (23) පස්වරුවේ පැවසීය.
එම මිල ඉහළ දැමීමේදී සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 60 කට ආසන්න මුදලකින් ඉහළ දමනු ඇති බවත් භූමිතෙල් ලිටරයක් රුපියල් 200 කට වැඩි මිලක් දක්වා ඉහළ දමනු ඇති බවත් එම නිලධාරියා කීය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78 කින් ද, ඩීසල් වර්ග දෙකම ලීටරයක මිල රුපියල් 56 කින් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 65 කින් ද ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත් භූමිතෙල් ලීටරයක් රුපියල් 210 ක් බවට පත්වීමට ඉඩ ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව පසුගිය මැයි මස 24 වැනිදා කළ අවසන් ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 420 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 400 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 445 ක් දක්වා ඉහළ දැමීය.
COMMENTS
95 පෙට්රල් 92 ට වඩා රුපියල් 150ක් වත් කරන්න. සුපර් ඩීසල් වලටත් එහෙම කරලා භූමිතෙල්වලට සහනයක් දෙන්න..
අපේ අගමැතිතුමාට සතියක් දෙකක් නින්ද යාවි, ආපු දවසේ ඉඳලාම කීවරක් ඉන්ධන මිල වැඩිකරන්න ඕනෑ කිව්වාද? ඊයේ කිව්වා අද වැඩිකරනවා. ආයෙත් ඇහැරිලා කියාවි වැඩිනොකර බැහැ කියලා... ජූලි මාසයේ ආයෙමත් වැඩිකරනවා කියලා හිතෙනවා..!
අදහස් නම් මොකටද...? හෙනම ගහන්න ඕනෑ.
ලැබෙන පඩිය මදි ඉන්ධන සඳහා... කෑම කනවට කනවා... අමතර පංති බස්ගාස්තු, බෙහෙත් කොහොමද මිනිසුන් ජිවත් වෙන්නේ? එක්කෝ රජයේ රැකියා නොමැති පිරිස් නොමිලේ විදේශ රටවල් වල්ට යවන්න ඕනේ.., විදේශ මුදල් රටට එන විදියේ ක්‍රියාවලිය හදන්න ඕනේ.., විදේශ තානාපතිවරුන් සමග කතා කරන්න ඕනේ.. රජයේ සේවයේ විතරක් නොවේ... අනික් ජනතාව යවන්න බලන්න. අතු ගාන්න හරි යවන්න.. ලැබෙන පඩිය ලංකාවේ ගිණුමට බැරකර ගැනීම සඳහා ක්‍රියාවලිය සකස් කරන්න..
කෝ මේ ගැමුණු.