(හැටන් රංජිත් රාජපක්ෂ)
මෙවර ශ්‍රී පාද වන්දනා සමය උදුවප් පුර පසලොස්වක පොහෝ දිනය වන අද (22) අලුයම යෙදුණු සුභ නැකතින් ආරම්භ කෙරිණි.
පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජ මහ විහාරස්ථානයේ සිට මාර්ග තුනක් ඔස්සේ ශ්‍රී පාද මළුව දක්වා වැඩම කර වු සාධාතුක කරඩුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද මළුව දක්වා අද අලුයම වැඩ කර ශ්‍රී පාද පත්මය සුවද පැනින් දෝවනය කර ආගමික වතාවන් මධ්‍යයේ වැඩම කර වු සධාතුක කරඩුව සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද මළුවේ තැන්පත් කිරිමෙන් අනතුරුව ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ විය.
ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝ නායක පැල්මඩුල්ල රජමහ විහාරස්ථානයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුවිණි.
ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ කල පළමු දිනයේම දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සිල් සමාදම් විම සඳහා සහ ශ්‍රී පාදය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේත්, රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේත් ශ්‍රි පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටියහ.
ශ්‍රී පාද පත්මය පිහිටුවා වසර 2600 ක් සපිරිම නිමිත්තෙන් ශ්‍රි පාද වන්දනා සමය අවසන් වන තෙක්ම විශේෂ ආශිර්වාද පුජාවන් ගණනාවක් ශ්‍රී පාද උඩු මළුවේ පවත්වන බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ කියාසිටියහ.
පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහ විහාරස්ථානයේ සිට හැටන් මාර්ගය ඔස්සේ වැඩම කර වු සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් රිය පෙරහැරට හැටන් නගරයේදි පුෂ්ප උපහාර දැක්විමට ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන රැස්ව සිටියහ.
2018-2019 ශ්‍රි පාද වන්දනා සමයේදි හැටන් මාර්ගය ඔස්සෙත්, රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේත් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් පෙදු පහසුකම් රැසක් සලසා ඇති අතර, එසේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලක්ද පොලිසිය මගින් දියත් කර ඇත.
පොලිතින් සහ ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය වලින් තොරව ශ්‍රී පාදස්ථානය පූජනිය ස්ථානයක් සේ සලකා පරිසර හිතකාමි ලෙස ශ්‍රී පාදය කරුණා කරන ලෙස ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් සියළුම වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.










2025 නොවැම්බර් මස 21
121
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
200
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1063
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ශ්රී පාද වන්දනා සමය ඇරඹේ
Chinthaka Saturday, 22 December 2018 12:47 PM
සාදු ! සාදු!! සාදු!!!