(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය හා ආබාධිත තත්ත්වයට පත්වූවන් වෙනුවෙන් දිව්‍ය පූජා පැවැත්වීම කටුවාපිටියේ නිවාස 71 කදී සිදුකෙරුණේ ප්‍රදේශයේ පියතුමන්ලාගේද සහභාගීත්වයෙනි.
මෙම ප්‍රහාරයෙන් තම බිරිඳ සහ දරු තිදෙනා අහිමි වූ පියෙකු හරි හැටි ඉදි නොකළ නිවසේ සිට තනිවම දිව්‍යපූජාව පවත්වමින් දෙවසරකට පෙර මියගිය තම ආදරණීයයන් සිහි කළේ කාගේත් නෙතට කඳුළක් එක කරමිනි.
ප්‍රියන්ත නැමති මෙම පියාට පාස්කු ප්‍රහාරයෙන් නිසා ජීවත් වූ නිවාස පවා අහිමි වී ඇත. ඔහුට දැන් නිවසක වටිනාකමක්ද නැත. තම මියගිය දියණිය අකුණුවලට බිය නිසා දරුවන් තනිකරන්නට අක්මැති ඔහු මහ වැස්සේත් නිදාගන්නේ දරුවන් අසලය. ඔහු දෙවසරක් තිස්සේ දරුවන් සමඟ සොහොනක නිදන්නේය.
කටුවාපිටිය හැම නිවාසකම මෙවන් දුක්බර කතාවක් ඇතැයි ප්‍රදේශයේ පියතුමාලා පවසති.

COMMENTS
අනේ දෙවියනේ.. නැවත කිසිදාක මෙවන් දුකක් කිසිවෙකුට අත් නොවේවා!! ප්‍රහාරය පිළිබදව දැන දැනම නිහඩව සිටි සියළු දෙනාටම ශාප වේවා!!
රජයක් වශනේ මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර ඔවුනට දඬුවම් නොදීම ගැන ඇත්තේ පිළිකුළකි. අවුරුදු දෙකක් වැනි දිර්ඝ කාලයක් මේ සම්බන්ධයෙන් කොමිසම් ක්‍රියාත්මක කොට තීරණ දැනුම් දුන්නත් මේ තරම් ඒ සඳහා කාලය ගත කිරිම ගැටලුවකි. පහුගිය රජය කොමිසමක් පිහිටුවා ඒ සඳහා පත් කළ කොමිසමේ සාමාජිකයන් කවුද කියලා බලද්දී ඇතිවෙන්නේ ඊට වඩා පිළිකුළකි.