IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නිධන් හැරූ 4ක් පොලිස් දැලේ

( ප්‍රසාද් රුක්මල් )

ඇල්ල ගවරවෙල ප්‍රදේශයේ ඉඩමක නිධන් හෑරුවයි සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකු  අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .

අලවංගු 2ක් ,පිකස් 1ක්, උදලු 2ක් ,බාල්දියක් ,පොල්ගෙඩියක්,නූල් බෝලයක්  ද ඔවුන් සමඟ පොලිස් බාරයට ගෙන තිබේ.   

දෙමෝදර ගවරවෙල ප්‍රදේශයේ පදිංචි  54 හැවිරිදි පුද්ගලයකු ,නාවලගම ගල්කොටුව 53 හැවිරිදි පුද්ගලයකු , බල්ලකෙටුව නාවලගම 51 හැවිරිදි පුද්ගලයකු , සහ බණ්ඩාරවෙල අඹදන්ඩේගම ප්‍රදේශයේ 44 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය කීවේය.

ඇල්ල පොලිසියේ නිලධාරීන් ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ගවරවෙල ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන මොවුන් මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය .

මොහුන් ඉඩමේ අඩි 9ක් පමණ ගැඹුරට  පොළොව හාරා තිබිණැයි පොලිසිය පැවසීය .බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී .කේ .ජේ අපොන්සු ,බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි අතුල ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අබේගුණවර්ධන මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .



අදහස් (0)

නිධන් හැරූ 4ක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site