(සුජිත් හේවාජුලිගේ )
ගුවනින් මෙන්ම නෞකාවලින් මෙරටට පැමිණන විදේශීය සංචාරකයින් වෙනුවෙන් කොළඹ වරායේ මගී පර්යන්තයේ නවීන පහසුකම් ඇති කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ වරායේ මගී පර්යන්ත පරිශ්‍රයේ තත්වය ඊයේ(18) පෙරවරුවේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.
මගී නෞකාවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු නැව් සමාගම් හා නියෝජිතයින් සමග සාකච්ඡා කළ බව පැවසූ අමාත්‍යවරයා වරායේ ව්‍යාපාර ප්‍රවර්ධන කොට්ඨාශය අන්තර්ජාලය ඔස්සේ මේ සඳහා විශාල වශයෙන් ප්‍රචාරාත්මක වැඩසටහන් ක්‍රියාවට නැංවිය යුතු බවද සඳහන් කළේය.
අමාත්‍යවරයා එහිදී මෙසේද සඳහන් කළේය.
සංචාරක මගී නෞකා කොළඹ වරායට පසුගිය කාලයේදී විශාල වශයෙන් පැමිණියා. නමුත් කොවිඞ් වසංගත තත්වය සහ පසුගිය දිනවල රටේ ඇති වූ ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් මගී නෞකා පැමිණීම නැවතී තිබෙනවා. නමුත් ඉදිරියේදී එළැඹෙන සංචාරක සමය ඉලක්ක කරමින් සංචාරකයින්ගේ ආකර්ශනය ලබා ගන්නා අයුරින් මගී පර්යන්තය ඇතුළු පරිශ්‍රය නවීන පහසුකම් වලින් සමන්විතව සැකසිය යුතුයි. නවීන පහසුකම් සහත වායු සමනය කරන ලද නැවතීම් ශාලාවක්, සනීපාරක්‍ෂක පහසුකම්, ආකර්ශනීය තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක්, ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු කළ යුතුයි.
රජය විසින් ආරම්භ කරනු ලැබ ඇති විදේශ විනිමය ලබා ගැනීමේ වැඩපිළිවෙලට වරායේ දායකත්වය ලබා දීමට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කැපවී කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 21
12
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
980
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වරායේ ලොකු වෙනසකට ඇමැති සැරසෙයි
වීරවිජේ Thursday, 18 August 2022 04:56 PM
හීනෙන් පගාවක් පෙනුනද?
ddd Thursday, 18 August 2022 05:14 PM
මේ පාර කොහේනද දන්නෙ නැහැ අල්ලස් යන්නෙ කරුණාකරලා ගෙදර යන්න. මෙච්චර කාලෙකට කරපු දේවල් අපි දැක්කනේ
amila Thursday, 18 August 2022 05:50 PM
ආ... නැගිට්ටාද? බලාගෙන හුළං පාරේ සනීපෙට නින්ද ගිහින් මුහුදට වැටෙයි.
fairoos Thursday, 18 August 2022 07:32 PM
නන්දසේනගේ 2වැනි කොටස තමයි රනිල් .මොවුන් ඉන්නකම් රටට අබ සරණයි
RMZ Saturday, 20 August 2022 11:34 PM
තියන එකත් නැති කරන්න ක්‍රම හොයනව.