(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාසයකට ලක්ෂ 85ක ආදායමක් උපයන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මාසික වියදම ලක්ෂ එක්දහස් හයසීයක් බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
එම ගුවන්තොටුපොළ වෙනුවෙන් 2030 වෙනතුරු මාසයකට ලක්ෂ 2250 ගාණේ ණය ගෙවීමට ඇතැයිද ඔහු සඳහන් කළේය.
අබේසිංහ මහතා මෙසේ පැවසුවේ වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
COMMENTS
කමක් නැහැ... ඕක මහින්ද මහත්තයාගේ වැඩක්නේ...
කමක් නෑ. බණ්ඩාරනායක නමින් ගුවන් තොටුපලක් තිබෙන නිසා ලංකාවට මහින්ද රාජපක්ෂ කියලා තව ගුවන්තොටුපලක් ඕනෙමයි...
මේ වගේ කරපු නායකයෝ ඉන්න රටක් බංකොළොත් නොවී තිබේවිද?
ඔය ගුවන් තොටුපලත්, වරායත් ගැන... ඇත්තම තත්වය දන්නේ... හම්බන්තොට ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ ගමන් ගන්නා නාවිකයන් පමණයි. ඩොලර් උල්පතක්...
රනිල් රටේ හැම සම්පතක් ම විකිනුවත් රටමම ලොකුම කරුමයක් වෙලා තියන අප්පොච්චගේ සුදු අලි පැටවූ එකකටවත් අත තියන බවක් පෙනෙන්න නැහැ
අපරාදෙ පොළොන්නරුවෙ එයාපොර්ට් ඒකක් හදන්න තිබුනෙ.....
කරත්තෙට වත් බඳින්න බැරි සේක්කුවේම කැරකෙන්න පුරුදු වෙචච මේ ගවයන් ව කරත්තෙට නග්ගවපු 69 ලක්ෂේට ජය වේවා.