IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


වකුගඩු ලෙඩ වෙන්නේ ඇයි?

වකුගඩු අකර්මණ්‍යතාව කියන්නේ

වකුගඩුවේ ක්‍රියාකාරීත්වය මාස හෝ අවුරුදු කිහිපයක් මුළුල්ලේ සිට ක්‍රමයෙන් අඩු වීම මේ නමින් හැඳින්වේ. රසායනාගාර පරීක්ෂණ මගින් මෙය අනාවරණය කර ගත හැකි වනුයේ තත්ත්වය උග්‍ර වූ පසුවයි. සෑම පුද්ගලයන් 10 දෙනකුගෙන් 01 අයෙක් මේ තත්ත්වයට ගොදුරු වන අතර ඕනෑම වයසකදී වැළඳිය හැකිය.

රෝගී ලක්ෂණ

මහන්සිය, උග්‍ර රක්තහීනතාව, සිරුර - දෙපා ඉදිමීම, ඇඟ කැසීම, කෑම අරුචිය, වමනය, ස්වසන සංකූලතා, දෙපා හිරිවැටීම්

වකුගඩුවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම

මේ සඳහා යොදා ගැනෙන්නේ 'සීරිම් ක්‍රියැටිනැන්' පරීක්ෂණයයි. නිරෝගි පුද්ගලයකුගේ වකුගඩුවෙන් රුධිරය පෙරෙන ප්‍රමාණය 90 ත් 120ත් අතර වේ. එය 90 ට වඩා අඩු නම් අවධානම් තත්ත්වයකි. 60 ට වඩා අඩු නම් වකුගඩු රෝගීන් ලෙසත් 10 ට වඩා අඩු නම් රුධිර කාන්දුකරණය ලබා දේ.

වකුගඩු අකර්මණ්‍යතාවට හේතු

අධි රුධිර පීඩනය සහ දියවැඩියාව වකුගඩු අකර්මණ්‍යතාවට හේතු වේ. ලොව පුරා වකුගඩු අකර්මණ්‍යතා අතුරින්  1/4 ට අධි රුධිර පීඩනයද, 1/3 ට දියවැඩියාවද වේ.

මීට අමතරව වකුගඩුවේ නිතර ඇතිවන ප්‍රදාහ, නිරන්තරයෙන් සෑදෙන වකුගඩු ආසාදන, ඇතැම් නිදන්ගත රෝග, ( පොලිසිස්ටික් වකුගඩු) දීර්ඝකාලීනව ඇතිවන මුත්‍ර ගල්, මුත්‍ර මාර්ගයේ විවිධ අවහිරතාද හේතු ලෙස දැක්වේ.

එසේම ඇතැම් වේදනා නාශක ඖෂධ දිගු කලක් පුරා කිසිදු වෛද්‍ය උපදෙසකින් තොරව භාවිත තිරීමද  වකුගඩුවලට බලපෑම් කළ හැකි තත්ත්වයකි.

කාලීන සහ තීව්‍ර වකුගඩු අකරණිය

වකුගඩු අකර්මණ්‍යතාව කාලීන සහ තීව්‍ර වකුගඩු අකරණිය ලෙස කොටස් 02කි. කාලීන වකුගඩු අකර්ණිය යනු  පරීක්ෂණවලින් සනාථ වූ ඉහත රෝගී තත්ත්වය මත වකුගඩු රෝගය වැළඳීමයි.

තීව්‍ර වකුගඩු අකර්ණිය යනු මී උණ සහ වෙනත් ආසාදන, සර්ප දෂ්ටනය වැනි හේතු මත තාවකාලිකව වකුගඩුවට බලපෑම් ඇති වීමයි.

ප්‍රතිකාර

වකුගඩු අකර්මණ්‍යතාව සුව කළ නොහැකි රෝගයකි. එහෙත් එය උත්සන්න වීම සහ ඇතිවන සංකූලතා පහසුවෙන් මග හරවා ගත හැකියි. මුල් අවදියේම ඖෂධ ගැනීම, ආහාර පාලනය සහ ජීවන රටාව වෙනස් කර ගැනීමෙන් ශරීරයේ සමතුලිතතාව රැක ගත හැකියි. පසුකාලීනව රුධිර කාන්දුකරණය හෝ වකුගඩු බද්ධ කිරීම මගින් ජීවිත රැක ගත හැකියි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

වකුගඩු ලෙඩ වෙන්නේ ඇයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 185 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1046 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site