IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


මහින්ද- නාමල් මැතිසබේ නෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ  ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ යන මහත්වරුන් පාර්ලිමේන්තු රැස්වීමට අද (17) සහභාගි නොවීම විශේෂත්වයක් විය.

රට පුරා ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් වලින් පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ  විශේෂ ආරක්ෂක විධිවිධාන සහිතව ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටිති.

අගමැතිවරයා සහභාගී නොවූවත් රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ බැසිල් රාජපක්ෂ සහ  ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් පාර්ලිමේන්තු  සභා ගර්භයේ ඊයේ  රැඳී සිටිනු දැකගත හැකිවිය.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ සිවු වෙනි ආසනය  වෙන් කරනු ලැබ තිබිණ.

ගාලු මුවදොර ප්‍රදේශයේ  සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්  චෝදනා එල්ලවූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද පාර්ලිමේන්තුවට  අද (17) පැමිණියේය.

නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාවේ කටයුතු  ආරම්භයේදීම සභාවට පැමිණ ආණ්ඩු පක්ෂයේ සිය ආසනයේ ( අගමැති ආසනයේ) අසුන් ගත්තේය.

ඔහුගේ ළඟම ආසනයේ සිටින්නේ පාසල් මිත්‍රයකුවූ  අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාය.

දෙදෙනා බොහෝ අවස්ථාවලදී  ඉතා සුහදව කතා බස්  කරමින් සිටිනු දැකගත හැකිවිය.



අදහස් (9)

මහින්ද- නාමල් මැතිසබේ නෑ

Dharmatileke Tuesday, 17 May 2022 10:51 PM

නාවට කමක් නැහැ සදහටම...!

:       1       7

wahaldeepe Wednesday, 18 May 2022 12:32 AM

අම්මේ... පණ බේරගත්ත සතුට බලන්නකෝ.. හරි හිනා...! 

:       1       5

Nandalal DE SILVA - France Wednesday, 18 May 2022 03:19 AM

අප්පච්චිටයි, පුතාටයි ජනතාවට මුහුණ දෙන්න බැරිව හැංගිලා නේ...! මව්බිමට ආදරය කරන හැටි දැන් පේනවානේ...!

:       1       8

Sunil Wednesday, 18 May 2022 06:03 AM

නැවතත් පාර්ලිමේන්තුව පැත්ත හරියේ එන්න එපා. මේ දෙදෙනා පාර්ලිමේන්තුවට තබා ගම් සභාවකටත් සුදුසු නැහැ...

:       1       6

Chathuri Wednesday, 18 May 2022 06:07 AM

රෙද්දක් ඇඳගෙන එන්න බැහැනේ කරපු විනාශයට...!

:       1       5

swene Wednesday, 18 May 2022 06:44 AM

අනුර කුමාර හිටි බවක් කියැවුනේ නැහැ...

:       3       3

chandrasiri Wednesday, 18 May 2022 10:38 AM

කරන්න පුළුවන් ඔක්කොම වැඩ කරලා තව ටික දවසකින් අපේ හාමුදුරුවනේ කියලා කියාගෙන ඒවි...!

:       1       6

sweneWednesday, 18 May 2022 01:33 PM

අට පිරිකර පූජාකරන දර්ශනත් පෙන්වාවි..!

:       1       1

Nandalal DE SILVA - France Wednesday, 18 May 2022 01:30 PM

පාර්ලිමේන්තුවට එන හැම දිනකටම මොවුන්ට ‘‘පැමිණීමේ විශේෂ දීමනාවක්‘‘ ලැබෙන නිසා හැංගිලා ඉන්න තැන්වලින් පිටවෙලා මැතිසබයට එනවා...!! මොවුන් දුප්පත්, අසරණයින් නේද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 879 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 987 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site