IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


’ජනපති තවම මුකුත් කියලා නෑ’

(ඩයනා උදයංගනී)
 
සිය ධූර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්නේද නැද්ද යන්න ගැන ජනාධිපතිවරයා මෙතෙක් කිසිවක් ප‍්‍රකාශ කර නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු  මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ ද මෙතෙක් ඒ සම්බන්ධ නිල සාකච්ඡාවක් පවත්වා නැතැයි ශාන්ත බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය අවුරුදු 5ක් බව තීරණය වූයේ 19 වැනි ආණ්ඩුක‍්‍රම සංශෝධනය අනුව බැවින් එම වසර පහක කාලය ගණනය කිරීම ආරම්භ වන දිනය සම්බන්ධයෙන් පක්‍ෂය තුළ මෙන්ම සමාජය තුළ ද කතාබහක් ඇතිවී ඇතැයි ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්නේද නැද්ද යන්න ජනාධිපතිවරයා තීරණය කරනු ඇතැයි ද ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේය.
ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙරට ඉතිහාසයේ තමන්ගේ බලය අත්හැරි එකම නායකයා වන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා බව කී මන්ත‍්‍රීවරයා පක්‍ෂයේ බොහෝ දෙනාගේ විශ්වාසය ජනාධිපතිවරයා තමන්ට හිමි ධූර කාලය සම්පූර්ණ කරනු ඇතැයි යන්න බව ද කීවේය.

එක්සත් ජාතික පක්‍ෂය 19 වැනි සංශෝධනය සම්මත කිරීම ගැන කවර දේ ප‍්‍රකාශ කළද එය සම්මත කිරීමේදී එම පක්‍ෂයෙන් එයට ලැබුණේ ඡන්ද 43ක් පමණක් බව කී ශාන්ත බණ්ඩාර මහතා උදෑසන සිට පාර්ලිමේන්තුවේ සිටිමින් එය සම්මත කරගැනීම සඳහා ඡන්ද 215ක් ලබාගත්තේ ජනාධිපතිවරයා බව ද ස ඳහන් කළේය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට පාර්ලිමේන්තුව තීරණයක් ගන්නේ නම් තමන් එයට කැමති බව ජනාධිපතිවරයා මෑතකදීත් පාර්ලිමේන්තුවේදී කී බව පැවසූ මන්ත‍්‍රීවරයා එලෙස විධායකය අහෝසි කරන්නේ නම් 13 වැනි සංශෝධනය ද සංශෝධනය විය යුතු බව ප‍්‍රකාශ කළේය.
 
 



අදහස් (9)

’ජනපති තවම මුකුත් කියලා නෑ’

රවින් Thursday, 11 April 2019 11:28 AM

ජනතාවනම් තීරණය කරලා ඉවරයි.

:       0       116

Sanjeewa Thursday, 11 April 2019 12:10 PM

පහුගිය අවුරුදු 4 රේ කියපු කරපු දේවල් හොදටම ඇති

:       0       120

චමින්ද Thursday, 11 April 2019 12:52 PM

2015 ජනාධිපතිවරණය පැවත්තුවේ 2015.01.08 දිනය.ජනාධිපතිතුමා දිවුරුම් දුන්නේ 2015 .01.09 දින හැන්දෑවේය එතුමාට වැටුප් ගෙවා ඇත්තේ යම් දිනක සිටද එදින සිට තනතුර දැරූ බව පිලිගත යුතුය. තවත් විමසීම් අවශ්‍යද

:       0       26

sena Thursday, 11 April 2019 02:47 PM

ඕක එක සැරයක් මතය ඇහැව්වා නේද

:       0       14

NuwanThursday, 11 April 2019 05:28 PM

ඔව් අහල ඇනගෙන දැන් මේ විනිසුරු මඩුල්ල තමන්ට ඕන විදියට වෙනස්කරලා නැවත අහන්න යන්නේ

:       0       16

බන්ඩා Thursday, 11 April 2019 11:38 PM

මෙතුමා ආයෙත් ජනාධිපතිතුමාගෙ එල්ලිලා ගොඩයන්න වගේ හදන්නෙ.

:       0       10

prabha Friday, 12 April 2019 08:43 AM

ජනාධිපතිතුමා පත්තරෙන් දැකපු දවසට ඊලග ජනරැලියේදී එතුමාගේ අදහස අපට දැනගන්න සලසාවි. එකනේ එතුමගේ ක්‍රමය

:       0       7

tilak Sunday, 14 April 2019 09:47 AM

අනේ අපොයි ලංකාවට ගිය කල

:       0       1

de silva Tuesday, 16 April 2019 07:07 AM

පසුගිය කලේ ජනාධිපති කියපුව කරපුව විශ්ලේෂණය කරලා බැලුවම පෙනෙනවා ඒවගේ කිසි හරයක් නැති බව , එම නිසා එතුමා කියන දේවල් වලින් ලංකාවේ දේශපාලනයට විශාල බලපෑමක් කරන්න බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 877 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 983 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site