
(ළහිරු හර්ෂණ)
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන උද්ඝෝෂණ පා ගමනක් නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට ආරම්භ විය.
ගාලුමුවදොර අරගලයේ නිරත වන පිරිස් සඳහා සහය පළ කිරීමටත් විරෝධතාවයන් සඳහා සිදුකළ වෙඩි තැබීම් හා මර්ධන සඳහා විරෝධය පළ කිරීමටත් මෙම විරෝධතා පා ගමන සංවිධානය කොට ඇත.




COMMENTS
එංගලන්තයේ කෝටිපති සුද්දාගෙ ලමයිට පවා මේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබෙන්නේ උසස්පෙළ කරනතුරු පමණයි..! ඉන්පසු විශ්ව විද්‍යාලයට ඇතුල්වුනාම එක අවුරුද්දකට රු ලක්‍ෂ 40 ක් ගෙවන්න ඕනි ! ඒ නවාතැන් හා කෑම ගාස්තු නැතිව... මසකට නවාතැන් ගාස්තුව රු ලක්‍ෂ දෙකහමාරක් ඒ විදුලි බිල හා අන්තර්ජාල බිල් නැතිව..! ඒවට මසකට ලක්‍ෂයක් විතර ඕනි...!! වෛද්‍ය විද්‍යාල ගාස්තුව අවුරුදු පහකට [ ඉගෙනීමට රු ලක්‍ෂ 40 x 5 , නවාතැන් හා කෑම බීම රු ලක්‍ෂ 30 x 5 , විදුලි බිල හා අන්තර්ජාල බිල් රු ලක්‍ෂ 12 x 5 ] රු ලක්‍ෂ 400! හැබැයි රජයෙන් බැංකු ණයක් දෙනවා ලමයි දිරිමත් කරන්නට. ඒ මුදල වාර්‍ර්‍ෂිකව ඉගෙනගන්න විශ්ව විද්‍යාලයට කෙලින්ම ගෙවන්නේ... ඉන්පසු 2% පොලියක් අයකරලා අවුරුදු 30 උපයන පලමු පඩියෙ ඉඳන්ම කපා ගන්නවා මාසිකව...! එංගලන්තයේ විශ්ව විද්‍යාල ලමයි ලැබෙන හැම විනාඩියක්ම කීයක් හරි උපයාගන්න විරිය දරන්නේ නේවාසික ගාස්තු ගෙවා ගන්නට සතියකට එක දවසක් හරි වැඩ කරලා..! ඒකට... ලංකාවේ...අපේ අය!! ණයක් නැති විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ උපරිම ප්‍රයෝජන අරගෙන සමෘද්ධියත්- මහපොලත් ලබාගෙන අධ්‍යාපනය නොමිලේම නිසා තමයි පෙලපාලි කරන්න කාලය යොදවන්නේ
පද්මසිරි අබේසේකර ඝාතනය වුණු වෙලාවේ මෙයාලා කොහේද හිටියේ...? මෙයාලා පද්මසිරි ගැන දන්නෙත් නැතුව ඇති. අහලාවත් නැතුව ඇති.
වෛද්‍ය පීඨයේ පිනට ඉගෙනගෙන රජයේ ඉස්පිරිතාලවල වැඩකරන ගමන්ම පුද්ගලික ඉස්පිරිතාලවලත් වැඩකරලා වසර 74 ක ඉඳන් පෞද්ගලික ඉස්පිරිතාලවල ලෙඩ්ඩු බලලා උපයන ඒ මුදලින් කිසිම ආදායම් බදු මුදලක් රජයට නොගෙවන මතු වෛද්‍ය පරපුරයි මේ ඉන්නේ...!