IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෙරෝනා මඬින්න දළදා මාලිගාවෙන් ලක්ෂ 100 ක මුදලක්

(පී.එම්. රාජපක්ෂ)
 
මල්වතු - අස්ගිරි උභය මහා විහාරීය මහා නායක මා හිමිපාණන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන්  ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ  ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා  මාලිගාවේ අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලක් කොවිඩ් 19 වසංගතය වැළැක්වීම සඳහා වූ අරමුදලට පරිත්‍යාග කිරීම අද (28)  ශ්‍රී දළදා මාලිගාවේ දී සිදුකරන ලදී.
 
දියවඩන නිලමේ වරයා  විසින්  ඊට අදාල චෙක්පත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට පිරිනමන ලදී.
 
අද පෙරවරුවේ මහනුවරට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශීර්වාද ලබා ගත්තේය.
 
ජායාරූප - ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය අංශය



අදහස් (11)

කෙරෝනා මඬින්න දළදා මාලිගාවෙන් ලක්ෂ 100 ක මුදලක්

අතුල Saturday, 28 March 2020 11:56 AM

හොඳ වැඩක්. ඒත් ඔය දියවඩන නිලමෙ තුමාගෙ විවාහ මංගල්‍යය වෙලාවෙ, එයාගෙ පුද්ගලික කාර් එකේ "බෆර් දෙකේ රත්තරන් ආලේප කරන්න" රුපියල් ලක්ෂ 400 ක් වියදම් කලා. ඔබට සතුටුද?

:       147       168

නොකවුට් Saturday, 28 March 2020 12:05 PM

මෙතුමා විවාහ උනේ නිළමේකමට පත් වෙන්න කලින්....

:       10       215

Diyawadana nilame Saturday, 28 March 2020 12:09 PM

අපි වෙනුවෙන් අපි වගේ

:       47       7

අත්තා Saturday, 28 March 2020 12:14 PM

මගේ රටට දළදා හිමි සරණයි !

:       0       28

ලියනගේ Saturday, 28 March 2020 12:17 PM

ලංකාවේ ව්‍යාපාරිකයන් , ශ‍්‍රී ලාංකිකයන් සහ විදේශීය පරිත්‍යාගශීලීන් චොවිඩ් - 19 මර්දනයට ලබාදෙන්නාවූ සියලු පරිත්‍යාග මුදල් හෝ භාණ්ඩ නිසි ප‍්‍රයෝජනය සදහා රෝහල්වෙත හෝ සුදුසුම ආයතන වෙතම ලබා දීමට කටයුතු කරන්න. කිසිවිටෙක දේශපාලකයන් වෙත විශේෂයෙන් මුදල් පරිත්යාග ලබා නොදෙන මෙන් ඉල්ලා සිටිමි. එසේ නොමති උවහොත් 2004 සුනාමියට ලැබුණු මුදල් පරිත්‍යාග මෙන් දේශපාලකයාගේ බැංකුවල සියලු පරිත්‍යාග තැන්පත් කරගනු ඇත. අවසානයේ සිදුවන්නේ කුමක්ද කියා කීමට අවශ්‍ය නැත.

:       2       177

Lion Saturday, 28 March 2020 02:08 PM

මෙය තමයි තිත්ත ඇත්ත.

:       0       0

පිටිගල මිලානෝ Saturday, 28 March 2020 02:40 PM

කවුද ඒ හොර දේශපාලකයා?

:       3       0

dilanSunday, 29 March 2020 05:52 AM

මාමයි, බැනයි, එත් බයවෙන්න එපා, ඩබලම දැන් ගෙදර....

:       0       0

රවීන්ද්‍ර Saturday, 28 March 2020 12:30 PM

අතුල ඉතා කුහකයෙකි! ඔබගේ සටහන යොදා ඇත්තේ එම ක්‍රියාව අගය කිරීමට නොව, නිලංග මහතා කෙරෙහි ඔබේ ද්වේශය ප්‍රකාශ කිරීමටයි! අනික ලක්ෂ 400 ක් වියදම් කරනවා දැක්කද?

:       0       0

පිටිගල මිලානෝ Saturday, 28 March 2020 12:55 PM

කතරගම දෙයියන්ගේ, සමන් දෙයියන්ගේ හිත උණුවී වදාරා බැතිමතුන්ගෙන් ගත් මුඳල් ටිකක් ආපසු දෙයිද?

:       2       0

Sumith Saturday, 28 March 2020 01:59 PM

අර ආච්චිගේ මැණික් මල්ල මේ වෙලාවේ විකුණගන්න පුලුවන්ද කියල බලමුකෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 317 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site