
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ත්‍රිරෝද රථයකින් හෙරොයින් මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක රුපියල් ලක්ෂයකට අධික වටිනා මත්කුඩු සමග අද (11) අත්අඩංගුවට ගත් බව කුච්චවේලි පොලිසිය කියයි.
එම සැකකරුවන් සමග සමඟ මත්කුඩු ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 400 පොලිසිය භාරයට ගෙන ඇත.
ත්‍රිකුණාමලේ සිට කුච්චවේලි ප්‍රදේශයට ත්‍රි රෝද රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව, මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
එරක්ක කන්ඩි පාලම අසලදී ත්‍රිරෝද රථය නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයන් දෙදෙනා සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියා පැවසීය .
අනතුරුව සැකකරුවන් දෙදෙනාගේ පදිංචි කුච්චවේලි පොඩෝ කට්ටු ප්‍රදේශයේ නිවෙස් දෙක පරීක්ෂා කිරීමේදී එක් සැකකරුවකුගේ බිරිඳ සන්තකයේ තිබී මත්කුඩු ගෑම් 2කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

2025 දෙසැම්බර් මස 18
688
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂයක මත්කුඩු සමඟ තිදෙනෙක් අත්අඩංගුවට