(රංජන් කටුගම්පොළ)
බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය හිමියැයි කියන රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා ගොනුකර ඇති රීට් පෙත්සමෙන් තීන්දුව අභියාචනාධිකරණයේදී හෙට (6) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාචනධිකරණ විනිසුරු මණ්ඩුල්ක් හමුවේ විභායට ගැනීමෙන් පසුව තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද දිනයට කල්තබා තිබුණි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණි.
බ්‍රිතාන්‍ය පුරවැසියකු යැයි කියන ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමිවී නොමැති බැවින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකම් නොමැති බව සඳහන් කරමින් එම මන්ත්‍රී ධූරය බලරහිත කරන රීට් ආඥාාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරි ඕෂල හේරත් මහතා වවිසින් මෙම පෙත්සම ගොනුකරනු ලැබ ඇත.