
(සුජිත් හේවාජුලිගේ)
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය කීවාය.
එහි ඇගයීම් කටයුතු අගෝස්තු 20 සිට 25 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී ඊයේ (09) දිනයේ පැවැත්විණි.
ඊට සිසුහු 294,089 දෙනෙක් පෙනී සිටියහ. සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366 සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723 දෙනෙකු ඊට පෙනී සිටි බව බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd