
(ඩී.ජී. සුගතපාල)
තරුණියකගේ නිරුවත් ඡායාරූප අන්තරජාලයට මුදා හරින බව පවසා ඇයට තර්ජනය කළ බව කියන සිවුරක් දරා ගත් අයකු උඩුගම පොලිසිය අත් අඩංගුවට ගත් බව ගාලුදිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කණිෂ්ඨ විද්‍යාලයක ගුරුවරයෙකු ලෙස සේවය කරන 33හැවිරිදි හිමි නමකි.
තරුණිය සමග ප්‍රේම සම්බන්ධය පැවති කාලයේ දෙදෙනා අතර ජංගම දුරකතනය හරහා නිරුවත් විඩියෝ දරශන හුවමාරුකර ගත් බවත් එහෙත් දැනට මාස තුනක කාලයක සිට ප්‍රේම සම්බන්ධය නතර කර ඇති බවත් දැන් තමාගේ නිරුවත් දරශන සමාජ මාධ්‍යයට මුදාහරින බව පවසා තර්ජනය කරන බවත් පවසා එම තරුණිය පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකාරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාරියක් ගවුමක් ඇඳගෙන ද ඇය පොලීසියකට පය තිබ්බේ.
සිවුරක් දරූ අයෙක්ද, ගරුතර සංඝරත්නයද?
ඇයි සිවුරු දරාගත් අයට කියන්නේ? අනෙකුත් වෘත්තීන්හි නියැළෙන අයටත් එහෙම කියනවාද? හාමුදුරුවෝ කියන්න බයද?
කොහෙන් ගියත් කහ රෙද්දක්.
කහ රෙද්ද ඔතාගන්නවා ලයිසන් එකක් විදියට, රටේ තියෙන වලත්තකම් කරන්න. අද සංඝ රත්නය කියල ආමන්ත්රනය කරන්න පුලුවන් සංඝයා වහන්සේලා ඉන්නේ කීයෙන් කිදෙනාද?
හාමුදුරුවෝ කියන්න ලැජ්ජා නිසා සිව්රක් ඇඳගත්තු කෙනෙක් කියන එක හොඳයි.
සිවුර ගැන විතරද ප්ර්ශ්නය.... රෙදි ගලවාගෙන තෙමා ගන්න කොට ඒ බවලතී දන්නේ නැද්ද මේකා කහ කෑල්ලක් කියලා
චීවරධාරීන් ලෙස හැඳින්වීම වඩා ප්‍රායෝගිකයි. හිමිවරු මෙහෙම වැඩ කරන්නේ නෑ.
@Gayantha, මේ මහණදම් පුරන්නේ ඒ කාන්තාව. අසූහාරදාහක්ද කීයක්ද නීති රීති රකින්න පොරොන්දු වුනේ ඒ ගෑණුකෙනා. සසරෙන් එතෙර වෙන්න ගිහිගෙය හැර ගියේ, සියල්ල අත්හැරියේ ඒ බවලතා. මට දැනුයි තේරුණේ. ස්තූතියි පැහැදිලි කෙරුවාට.