
(බී. ජී. චතුරංග)
උතුරු මැද පළාතට බලපා ඇති දැඩි නියං තත්ත්වය හමුවේ අනුරාධපුර නාච්චාදුව ප්රදේශයේ අස්වැන්න නෙළීමට ආසන්නව පැවති සශ්රීක කුඹුරු යායක් සම්පූර්ණයෙන්ම මැරී, අව්වට පිච්චී ගොස් ඇති බව ගොවීහු පිරිසක් පෙන්වා දුන්හ.
මෙම ගොවීහු නාච්චාදූව ප්රදේශයේ අක්කර 20 ප්රදේශයක වී වගා කර ඇති අතර, ප්රදේශයේ පිහිටා ඇති කරුවලගස් වැව සම්පූර්ණයෙන්ම සිඳී යාම නිසා දැනටමත් කුඹුරු අක්කර 5 කට වැඩි ප්රමාණයක් මුළුමනින්ම විනාශ වී ගොස් ඇති බව ඔවුහු සඳහන් කළහ.
ජීවිතයේ වැඩි කාලයක් මහපොළොව සමඟ පොරබැදූ තමන්ගේ ඇස්වලට කඳුළක් ඉතිරි කරමින්, පීදුණු ගොයම් ගස් ගිනි අව්වට පිච්චී යන අයුරු බලා සිටීමට නොහැකි බව එම පිරිස් පෙන්වා දුන්හ.
මේ වන විට මැරී යාමට ආසන්නව ඇති පීදුණු ගොයම් සහිත ඉතිරි අක්කර 15 කට වැඩි ප්රමාණය හෝ යම් ආකාරයකින් රැක ගැනීමට නම්, යාබද වැවක් වන කටුගම්පලයාගම වැවෙන් තාවකාලිකව හෝ ජලය ලබා දෙන ලෙස ඔවුහු කඳුළු සලමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd