IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


ඉන්දීය අත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ධීවරයන් මුදාගැනීමට සාකච්ඡා

(තිළිණි ද සිල්වා)

ඉන්දීය බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයින් 24 දෙනෙකු නිදහස් කර ගැනීම සඳහා එරට රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි  ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

යාපනය ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් 18 දෙනෙකු හා මාතර ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් 6 දෙනෙකු මේ වන විට ඉන්දීය අත්අඩංගුවේ පසුවන අතර මොවුන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් මෙම සාකච්ඡා පැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

දෙරටේ විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මෙම ධීවරයින් පිරිස මුදා ගැනීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

ඉන්දීය මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් මැරීමේ කටයුතු වල නිරතවීම හේතුවෙන් පසුගිය කාලවලදී මෙම ධීවරයින් පිරිස එරට වෙරළ ආරක්ෂක බලකා අත්අඩංගුව පත්වූහ.

මේ අතර මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු ද මෙරට අත්අඩංගුවේ පසුවන බවද ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 



අදහස් (0)

ඉන්දීය අත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ධීවරයන් මුදාගැනීමට සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 183 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1044 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site