IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පුත්තලම - මන්නාරම පැරණි මාර්ගය වහයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
වනාතවිල්ලුව එළුවන්කුලම ක්‍රොස්වේ සපත්තු පාලම යටින් හදිසියේ විශාල ජල කාන්දුවක් ඇතිවීමත් සම පුත්තලම මන්නාරම පැරණි මාර්ගයේ ගමනාගමන කටයුතු නැවත දැනුම් දෙන තුරු නවතා දැමූ බව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා අද(10)  පැවසීය.
 
මෙම ජල කාන්දුව ඉකුත් 9 දින සවස ආරම්භ වී ඇත.
 
පසුව පුත්තලම නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පානිය ජලය ලබාදීමේ ව්‍යාපෘතියට ජලය ලබා ගැනීම සඳහා  වසර කිපයකට පෙර මෙම සපත්තු පාලම හරහා කලාඔය දිගේ ගඟේවාඩිය කලපු තිරයට ගලා ගිය ජලය හරස් කරන ලදී.
 
එම ජලය ලබා ගැනීමට ක්‍රොස්වේ සපත්තු පාලම දොරටු යොදා එය නවීකරණය කෙරිණි.
 
ඉහළ නිලධාරින් හා වාරි මාර්ග නිලධාරින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රාදේශීය ලේකම්වරයා කීය.
 
මේ හේතු නිසා විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වු පුත්තලම එළුවන්කුම මාර්ගය ක්‍රොස්වේ නාවික හමුදා කඳවුර ආසන්නයෙන්  නැවත දැනුම් දෙනතුරු වසා දමන බව ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.
 
මෙම ස්ථානය නිරීක්ෂණය සඳහා පුත්තලම ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ද එක්ව සිටියහ. මාර්ගය වසා දැමීමත් සමග මෙම මාර්ගයෙන් ගමන් කිරීමට පැමිණි බොහෝ පිරිසක් අපහසුතාවට ලක්වී ආපසු ගමන් කරන ආකාරයද දැක ගත හැකි විය.

 



අදහස් (0)

පුත්තලම - මන්නාරම පැරණි මාර්ගය වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site