IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දිරාගිය දත් සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

දත් දිරායාම සහ ෆ්ලෝරයිඩ්

දන්ත සෞඛ්‍යය ගැන කතා කිරීමේදී ෆ්ලෝරයිඩ් යනු ඉතා වැදගත් මාතෘකාවකි. මෙකී ෆ්ලෝරයිඩ් අයනය කැල්සියම් හයිඩ්‍රොක්සි ඇපටයිට් අණුවට ඇතුළත් වී ෆ්ලෝරො ඇපටයිට් සාදනු ලැබේ. මෙය අම්ල මගින් දිරා යාම මුල් අණුවට වඩා අඩු බැවින් දත් ශක්තිමත් කර දිරා යාම අවම කෙරේ.

එමෙන්ම මුඛයේ ආම්ලිකතාව ඇති කිරීමට මූලිකම හේතුව වන බැක්ටීරියාවන්ගේ පරිවෘත්තියට බාධා කර අම්ල නිපදවීම අවම කෙරේ.

ගෘහස්ත ෆ්ලෝරයිඩ් භාවිතය

ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිත කිරීම ලංකාවේදී සුලබව දැකිය හැකි ක්‍රමයයි. ෆ්ලෝරයිඩ් අඩංගු පෙති වර්ග මෙන්ම පානීය ජලයට ෆ්ලෝරයිඩ් එකතු කිරීම වැනි ක්‍රම විදෙස් රටවලදී භාවිත වේ.

ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපය නිවැරැදි භාවිතය

දත් බුරුසුව සෝදා කෙඳිවල ජලය හොඳින් ඉවත් කර ගන්න. වැඩිහිටි පුද්ගලයෙකු සඳහා නම් දන්තාලේප කඩල ඇටයක ප්‍රමාණයකටද දරුවකු සඳහා නම් දන්තාලේප මුං ඇටයක ප්‍රමාණයකටද විය යුතුයි. ඒ වගේම කුඩා දරුවන් සඳහා දන්තාලේප යොදා ගැනීමේදී ඉතා තුනී ස්ථරයක් විය යුතුයි. මෙයාකාරයෙන් විනාඩි දෙකක් හෝ තුනක් දත් සහ විදුරුමස ඉතා මෘදුව මැද ගත හැකියි. පෙන නැගීම අවම කිරීම උදෙසා පෙර කී ආකාරයට බුරුසුවේ කෙඳිවලින් ජලය හොඳින් ඉවත් කර ගනු ලැබේ. එවිට නිතරම කෙළ ගැසීමට අවශ්‍ය නොවන අතර මඳ වේලාවක් යනතුරු ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපය දත් මත ක්‍රියා කරයි. ඉන් අනතුරුව එක් වරක් පමණක් ජලය ස්වල්පයකින් මුඛය සෝදා හරින්න. එහිදී සියලුම ෆ්ලෝරයිඩ් දත්වලින් ඉවත් වී යාම වැලකේ.

ෆ්ලෝරයිඩ් ප්‍රතිකාර

ෆ්ලෝරයිඩ් ජෙල් සහ වාර්නිෂ් ආලේපය යන ප්‍රතිකාර ක්‍රම ද්විත්වයම රජයේ ප්‍රජා දන්ත වෛද්‍ය සායන මෙන්ම පෞද්ගලික අංශයේ දන්ත සායන මගින්ද නිසි වෛද්‍ය උපදෙස්වලට අනුකූලව ලබා ගත හැකියි.

දත් දිරා යාමේ ලක්ෂණ

දත් මත සුදු හෝ දුඹුරු හෝ කලු පැහැති පැල්ලම් ඇතිවීම.

දත් අතර ආහාර කැබැලි රැඳී පැවතීම

දත් හිරි වැටීම

දත් කැබැලි කැඩී යාම සහ දත් කුහර වීම

සුළු මට්ටමේ සිට දරාගත නොහැකි ආකාරයට වේදනාව උත්සන්න වීම

දිරා ගිය දත් සඳහා ප්‍රතිකාර ක්‍රම

දත දිරා ඇති ප්‍රමාණය මත ප්‍රතිකාර ක්‍රමද වෙනස් විය හැකිය. මෙය සුදුසකම් ලත් දන්ත වෛද්‍ය නිර්දේශයකින් තහවුරු කර ගත හැකි වේ.

1)  ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය

2)  දතේ දිරා ගිය කොටස් ඉවත් කර පිරවුම් ද්‍රව්‍ය මගින් දත යළි මුල්හැඩයට සාදා ගැනීම.

මෙම ක්‍රමය එනැමලය හා දන්තිනයේ පිටත ස්ථරය දක්වා ගමන් කළ මතුපිට දිරුම් සඳහා පමණක් බලපැවැත්වේ.

3)  තාවකාලික පිරවුම්

මෙය කල්ක කුහරය ආසන්නයට විහිදී ගිය කුහර සඳහා යෙදෙන ඖෂධීය පිරවුමකි. මෙය ශක්තිමත් බැවින් අඩුවේ. මෙය යොදා ගත් පසුව මාස දෙකක් තුනක් අතර කාලයක් යනකම් වේදනාවක් නොමැති වේනම් වෛද්‍ය උපදෙස් මත ස්ථිර පිරවුම යොදා ගැනේ.

එමෙන්ම තිවකාලික පිරවුම යෙදූ පසුද වේදනාවක් ඇති වන්නේ නම් දතේ කල්ක කුහරය දක්වාම ආසාදනය පැතිර ඇති බව අඟවන ඉඟියකි. එවිට ස්නායු පිරවීම හෝ දත ගැලවීම කළ යුතු වේ.

4)  ස්නායු පිරවුම

කල්ක කුහරය දක්වා පැතිරුණ කුහර ඇති දත් වේදනා සහිත හෝ රහිත විය හැකියි. එම දත් රැක ගැනීමට අවශ්‍ය නම් කල්ක කුහරය තුළ ඇති පටක ඉවත් කර එයට පිරවුම් ද්‍රව්‍ය යොදා පුරවා දැමේ. බොහෝ විට ඉන් අනතුරුව දතට කොපුවක් යොදා ගනිමින් දත ආරක්ෂා කර ගත යුතු වේ.

5)  ඉහත කිසිඳු ක්‍රමයකට ආරක්ෂා කර ගත නොහැකි දත් ගලවා ඉවත් කර දමයි

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

දිරාගිය දත් සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

Rashmi Sunday, 16 June 2024 08:57 PM

ඉදිරිපස දත් දිරායාමට හේතු හා ප්‍රතිකාර මොනවාද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31318 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13528 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site