IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තංගල්ලේ බලය කාසියේ වාසියෙන් පොහොට්ටුවට

(චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු)

තංගල්ල නගර සභාවට නව නගර සභාවතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා රහස් ඡන්ද විමසීමේදී එජාපයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයන් දෙදෙනාම එක හා සමාන ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම නිසා කාසියේ වාසිය අනුව තංගල්ල නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණට හිමි විය.

ඒ අනුව තංගල්ල නගර සභාවේ නව නගර සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩබ්ලිවු.පී.ආරියදාස මහතා  ලෙස තේරි පත්විය.

තංගල්ල නගර සභාවේ සභාපතිධූරය හෙබ වූ රවිදු වෙදආරච්චි (එ.ජා.ප.) මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමත් සමඟ ඔහුට හිමිව තිබූ තංගල්ල නගර සභාවේ සභික ධූරය පසුගිය දා අහිමි වූ අතර ඒ අනුව තංගල්ල නගර සභාවේ සභාපති ධූරය හිස්විය.

දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු මහතාගේ අධීක්ෂණයෙන් නව සභාපතිවරයකු තෝරා පත් කරගැනීම සඳහා වූ ඡන්දය අද පෙරවරු 10 ට පමණ ආරම්භ වූ අතර වැඩි දෙනාගේ කැමැත්ත පරිදි ඒ සඳහා රහස් ඡන්ද පැවැත්වීය.

එහිදී ඡන්ද විමසීම් අවස්ථා 02ක් පැවති අතර පළමු ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නගර සභික ඩබ්ලිවු.පී. ආරියදාස මහතාද එ.ජා.ප.ය නියෝනය කරමින් විජිත් චන්දිම මහතා සහ ජේ.එම්.සී.ඩී. ජයසුන්දර මහත්වරු සභාපති ධූරය සදහා ඉදිරිපත් වූහ.

එහිදී පැවති ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණේ ඩබ්ලිවු.පී. ආරියදාස මහතා ඡන්ද 07ක්ද එ.ජා.ප යෙන් ඉදිරිපත් වූ විජිත් චන්දිම මහතා ඡන්ද 05 ක් ද එම පක්ෂයෙන්ම ඉදිරිපත් වූ ජේ.එම්.සී.ඩී.ජයසුන්දර මහතා ඡන්ද 04 ක් ද හිමි විය.

දෙවැනි ඡන්ද විමසීමේදී තංගල්ල නගර සභාවේ සභාපති ධූරය සදහා දරඟ කළ ජේ.එම්.සී.ඩී. ජයසුන්දර මහතා තරඟයෙන් කර දෙවැනි වර ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණේ අපෙක්ෂක ඩබ්ලිවු .පී. ආරියදාස මහතාද ඡන්ද 08ක් ලබා ගත් අතර එ.ජා.ප.යෙන් ඉදිරිපත් වූ විජිත් චන්දිම මහතා ඡන්ද 08 ක් ලබා ගත්තේය.

තරඟකරුවන් දෙදෙනාගේ ඡන්ද ප්‍රමාණය සම වීම නිසා සභාපතිවරයා තෝරා ගැනීම සදහා කාසියේ වාසිය උරගා බලන්නට දකුණු පලාත් පාලන කොමසාරිස්වරයා තීරණය කරනු ලැබීය.

කාසියේ වාසිය උරගා බැලීමෙන් පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සභාපති ධූරය සදහා තරඟ කරන ලද ඩබ්ලිවු.පී. ආරියදාස මහතා තංගල්ල නගර සභාවේ නව සභාපතිවරයා වශයෙන් තේරීපත් වීය.

 



අදහස් (0)

තංගල්ලේ බලය කාසියේ වාසියෙන් පොහොට්ටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site