(යොහාන් භාසුර)
රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට ඔවුන් භාවිතා කළ නිල වාහනවල හිමිකාරීත්වය පැවරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඉදිරියට රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට ඔවුන් ඒ දක්වා පාවිච්චි කළ වාහනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වේ.
COMMENTS
ඒ කියන්නේ, ඉන්නකන් හතරවටෙන්ම කාලා යනකොට මහජන දේපොලත් නිකන්ම අරන් ගෙදර යනවා.
මේ වගේ තව තඩි හොරකමක් වෙනවා. රාජ්‍ය සේවකයින්ට පර්මිට් දෙන්නේ වහනයක් ගන්න, ඒ වාහනෙ රජයේ සේවයට භාවිතා කරන්න. හැබැයි දැන් වෙන්නේ. ඇමති ලා , රජය සේවකයින් සියල්ල ඒ වාහන භාවිතා කරන්නේ ගෙදර වැඩ වලට පමණයි. හැමෝම වැඩට එන්න (SEC ) යන්න රජයේ වාහන බහවිතා කරනවා, නැතිනම් තමන්ගේ පර්මිට් වලින් ගත්තු වාහනේ නැවත ආයතනයට රෙන්ට් කරනවා (CEB ,WATERBOARD ) . ඇමතිලා වෙනමම අමාත්‍යංශයට වාහන නැවත ගන්නවා.
මේ රාජ්‍ය සමාගම් සියල්ල විකුණා දැමිය යුතුයි. මේවා අහනොකට අපේ ඇඟේ මාලු නටනව. මේ සමාගම් පාඩු ලබන විට නඩත්තු වෙන්නේ අපේ බදු මුදල් වලින්. පාඩු ලබන ආයතනය පාලනයකරළ මිනිස්සු පැන්ෂන්ගියත් යන්නේ සුඛෝපභෝගී කාර්වල. අපි දහදුක් විඳිමින් බස්වල යනවා.
මේ අය කරන්නෙ විශ්‍රාම යන කාලේ කිට්ටු වෙනකොට හොඳම වාහනයක් ගන්නව. මේ රට මෙහෙමවත් ඉතුරු වුණ එක ඇති. දේශපාලකයන් පෙන්න පෙන්න මේ අයත් හරි හරියට වැඩේ කරලා. මේ සියලු දේ නැති කළ යුතුයි. අධ්‍යාපනය වැටෙන්න මන්දපෝෂණයට හේතු මේවයි.
ඉඳලා හිටලා හොඳ දේවලුත් ඇහෙනවා.
වාහනයත් එක්ක පැන්ෂන් යන කාලේ ඉවරයි "ඒ අනුව ඉදිරියට රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට විශ්‍රාම යනවිට ඔවුන් ඒ දක්වා පාවිච්චි කළ වාහනය ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ." ???
ඇත්තටම හොද දෙයක් . රාජ්‍ය සේවය කියන්නෙ හොර ගුහාවක්. මේවා සෙරම විකිණිය යූතුයි