IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගෝඨාභයට එරෙහි මූලික විරෝධතා පෙත්සමේ තීන්දුව මැයි 7 ප‍්‍රකාශයට

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළේ යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නිසි පරිදි චෝදනා ගොනු කර නොමැති බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හැර වෙනත් විත්තිකරුවන් සිව්දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිබඳ තීන්දුව ලබන මැයි මස 07 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (28)  තීරණය කළේය.
 
සාධාරණ නඩු විභාගයක් සඳහා අවශ්‍ය ලේඛන 50,000 ක් පමණ විත්ති පාර්ශ්වයට ලබාදීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා ගොනු කර මාස 07 කට පසු චෝදනා නිසි පරිදි ගොනු කර නොමැති බව සඳහන් කරමින් මූලික විරෝධතා මතු කරන්නේ මෙම නඩු විභාගය කල් යවා ගැනීමේ උපක‍්‍රමයක් වශයෙන් බව කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
 
ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් මෙම නඩුව කැඳවනු ලැබූ මුල් අවස්ථාවේදීම සාමාන්‍ය නීතීය යටතේ පැවරිය යුතුව තිබූ නඩුවක් පළමු විත්තිකාර ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ තත්වය අනුව ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට ඉදිරිපත් කොට ඇතැයි කියමින් මුල් අවස්ථාවේදී ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප‍්‍රතික්‍ෂේප කළ පසු දෙවැනි වතාවට මෙම මූලික විරෝධතාවය ඉදිරිපත් කර තිබිණි.
 
ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුලත් වෙති.



අදහස් (2)

ගෝඨාභයට එරෙහි මූලික විරෝධතා පෙත්සමේ තීන්දුව මැයි 7 ප‍්‍රකාශයට

ධනුෂ්ක Thursday, 28 March 2019 12:10 PM

ජනාධිපති වෙච්ච අනින් අයනම් පත් වෙන්ඩ කලින් මෙහම චෝදනා වලට ලක් වෙලා නෑ. පත් වුනාට පස්සෙයි මඩ නෑවේ. හැබැයි එ්කට මෙතුමා. එහෙම කෙනෙකුට රට දුන්නොත් මොනා වෙයිද.

:       2       5

sirimal Thursday, 28 March 2019 12:28 PM

දැන් මේ වෙන දේවල් ගැන හිතා බලන කොට මැයි මාසේ 7 වෙනිදා වෙනකොට කෝච්චිය ගිහිල්ල තියෙන්නත් බැරි නැහැ. කොහොම උනත් ඊට පස්සේ කල් ගන්න වෙන්නේ තව මාස දෙකතුනකට විතරයිනේ. අවුරුද හතර හමාරක් කල් ඇද්ද එක මාස දෙකතුනක් කියන්නේ මොන කජ්ජක්ද? මදැයි හොරුන්ට දඬුවම් දෙන්න කියලා යහපාලනයක් ගෙනාවා. අපේ මාදුළුවාවේ නායක ස්වාමින් වහන්සේ හිටියානම් උන්වහන්සේට මොනවා හිතෙයිද?

:       2       108

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 378 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site