IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තීරුබදු රහිතව ගෙන්වූ මත්පැන් බොතල් සමඟ අයෙක් අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

තීරු බදු නොගෙවා රහසිගත ව ගෙන්වන ලද බවට සැක කෙරෙන  විදේශීය මත් පැන් බෝතල් 12  ක්  මීගමුව මිරිස්වත්ත   ප්‍රදේශයේ නිවසක විකිණීමට තිබියදී අද16 සවස සැකකරුවකු සමග   අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය කියයි.

කටාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක ජයකොඩි මහතා ට ලැබුනු තොරතුරක් මත  උපාය දුතයෙකු යොදවා සිදු කළ වැටලීමකින් පසු මෙම විදේශීය විස්කි බෝතල් අත් අඩංගුවට ගැනීමට හැකි වී ඇත .

 අත්අඩංගුවට ගැනුණු විස්කි බෝතලයක්  රුපියල් 5000, 10000 හා දොළොස් දහස බැගින් විකිණීමට තිබූ විවිධ වර්ගයන්ට අයත් විස්කි වර්ග බවට     පොලිසිය හඳුනා ගෙන ඇත .

අත්අඩංගුවට  පත්  තිස් නව හැවිරිදි සැකකරු කලක් තිස්සේ තීරු බදු රහිත ව විකිණීමට ඇති විදේශීය මත් පැන් හොර රහසේ ලබා ගෙන මෙසේ වැඩි මිලට     විකිණීමේ යෙදී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත . පොලිස් භාරයට ගැණුන විස්කි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂය ඉක්ම වන බවට ගණන් බලා ඇත .

මෙම සැකකරුට තීරු බදු රහිත ව මෙම විදේශීය මත්පැන් ලබාගැනීමට ලබා ගැනීමට සහාය වූ පුද්ගලයන් ඇත්දැයි ඇත් දැයි අනාවරණය කර ගැනීමට ද පොලිස් පරීක්ෂණ පැවැත්වේ.



අදහස් (0)

තීරුබදු රහිතව ගෙන්වූ මත්පැන් බොතල් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site