(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල  මහික වීරරත්න)

කතානායක මහින්ද යාපා අබේවර්ධන  සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ  කතනායක ට්‍රෙවර් මලර්ඩ් මහත්වරුන්  අතර විශේෂ හමුවක්  වීඩියෝ තාක්ෂණ ඔස්සේ   අද  පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයක් පසුගියදා විවෘත කිරීම සම්බන්ධයෙන් සිය කෘතවේදීත්වය මෙහිදී පළ කළ කතානායකවරයා ‍ශ්‍රී  ලංකාව සහ නවසීලන්තය අතර වසර 65කට වැඩි කලක් මුළුල්ලේ පවතින ද්වීපාර්ශවීය සබඳතා මේ හරහා වඩාත් පුළුල් වන බව පෙන්වා දුන්නේය.


නවසීලන්ත කතානායකවරයාගේ ආරාධනයකට අනුව පැවැත්වූ මෙම හමුවට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක ,ශ්‍රී ල‍ාංකේය සම්භවයක් සහිත වත්මන් නවසීලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියකවන වනුෂි වෝල්ටර්ස්  සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන්  යන මහත්ම මහත්මීහුද  වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාවට සම්බන්ධ වූහ.