(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුවරඑළිය ප්‍රදේශයේ රූගත කිරීමකට ගොස් ආපසු එමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පී හයසින්ත් විජේරත්න (75) මහත්මිය ගමන් ගත් වෑන් රථය ලිඳුල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ටෙලිනාට්‍යයක් රූගත කිරීමේ කටයුතු අවසන් කොට නැවත කොළඹ බලා පැමිණීමේ දී මෙම අනතුර ව ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
වෑන් රථ රියැදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය නිසා මෙම අනතුර සිදුව ඇති බවත් රියදුරු ලිඳුල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
COMMENTS
ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියනි, ඔබතුමියගේ ගැඹුරු සංයමය හා සතර අභිනයෙන් යුතු අතිදක්ෂ රංගන කුසලතාවන් තුළින් බොහෝ දෙනා ලද රසවින්දනය අති මහත්ය. ඔබතුමියට අමා මහ නිවන් සුව ලැබේවා ... !!!
අමතක නොවන චරිත රැසකට පණ පෙවූ කලා ශිල්පිනියක්... ඔබතුමියට නිවන් සුව..!!!
ඉතාමත් දක්ෂ නිළියක්. ඇයට මගේ ආචාරය...!!!
නිහතමානී චරිතයක්. ඔබතුමියට නිවන් සුව පතමි.
එතුමියගේ අභාවයට මගේ බලවත් ශෝකය...
මේ වගේ ශෝචනීය අවස්ථාවකත් ඒගැන සිතන්නේ නැති අයත් සිටියි.
ඔබතුමිය රඟ පෑ සෑම නාට්‍යයක්ම අපි ඉතා ආසාවෙන් බැලුවා. බට්ටි, ආදරණීය පූර්ණිමා, මෑතකදී අවසන් වූ හදවිළ අරණ සදා නොමියෙන චරිත... ප්‍රවීණ රංගන ශිල්පිනියක් අප අතරින් වියෝවීම හරිම කණගාටුදායකයි. එතුමියට අමාමහ නිවන්සුව අත්වේවා...!
"නාමය නොදිරයි." ඔබතුමියට නිවන්සුව ලැබේවා..!!!
මාගේ බලවත් ශෝකය..!!!
ඔබතුමියව මට මගේ පවුලේ කෙනෙක් මෙන්ය. සිදුවු දේ කණගාටුදායකයි. කළ හැකි කිසිවක් නොමැත. අප හැමටම මවක් වූ ඔබතුමියට කිසිම භවයක මෙවන් අකල් මරණ සිදු නොවේවා..! මතු භවයක ධර්මාවබෝධයට හේතුවී නිවන් ලැබීමට වාසනාව ලැබේවා...!
රංගනයෙන් පමණක් නොව ඔබතුමිය සැමදාම අපට මවක් වුණා. මේ අාදරණීය අම්මාට නිවන් සුව ලැබේවා...!
අපේ අාදරණීය මෑණියන්ට නිවන් සුව ලැබේවා...!