
(එෆ්.අස්ලම්)
දෙමළ ජාතික සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පිළිබඳ තීරණය අනවශ්‍ය පාර්ශවයක අතගැසීමත් අනිසි ලෙස ගෙන තිබෙන බවත් ඒ ගැන අප්‍රසාදය පළකරන බවත් ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පක්ෂයක් ලෙස තීරණය කළ යුතුව ඇති කාරණය කාගේ අතගැසීමෙන් අත්තනෝමතිකව තීරණය වූයේද යන ප්‍රශ්නය තමා තුළ පවතින බවද සේනාධිරාජා මහතා කීය.
දෙමළ ජාතික සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා තවරාසා කලයිඅරසන් මහතා පත්කිරීමත් සමග එම සන්ධානය තුළ පැන නැගී ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් දෙමළ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සේනාධිරාජා මහතා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සේනාධිරාජා මහතා මෙසේද කීය.
''කලෙයිඅරසන් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සදහා පත්කිරීමට මම විරුද්ධ නැහැ.නමුත් මට තියෙන ප්‍රශ්නය ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පක්ෂයක් විදිහට ගත යුතු ඒ තීරණය කවුරුන් විසින් ගත්තේ ද කියන එකයි. දෙමළ ජාතික සන්ධානයේ සෙසු හවුල්කාර පක්ෂ දෙක සමගින් සාකච්ඡා නොකොට අනවශ්‍ය පාර්ශවයක් විසින් මේ පිළිබද තීරණය අත්තනෝමතිකව ගෙන තිබෙනවා.
මම මේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය භාර ගැනීමට හිතන් හිටියෙ නෑ. නමුත් තමිල් අරසු පක්ෂයේත් වෙනත් විවිධ පාර්ශව වලිනුත් ඒ ධූරය මට බාර ගන්න කියල ඉල්ලපු නිසා මම ඒ ධූරය බාර ගන්න එකග වුණා. නමුත් මම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා යෝජනා කළේ ශෂිකලා රවිරාජ් මහත්මියවයි.
ගැසට් කර තිබෙන දෙමළ ජාතික සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය යළි සංශෝධනය කිරීම ගැන ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂය තුළ තවදුරටත් සාකච්ඡා වෙනවා'' යැයිද සේනාධිරාජා මහතා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’අනවශ්‍ය අතගැසීමකින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අනිසි ලෙස පත්කරලා’