IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනපතිවරණය ගැන හදිසි විය යුතු නෑ

(අජන්ත කුමාර අගලකඩ)
 
ජනාධිපතිවරණය නාමයෝජනා කැඳවීමට තවත් මාස දෙකකටත් වැඩි කාලයක් තිබෙන බැවින් ජනාධිපතිවරණය ගැන හදිසිවිය යුතු නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

මේ අවස්ථාවේ කාර්යභාරය වන්නේ පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරියේදී එන අභියෝගවලට මුහුණදීම යැයි ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී අද (27) දහවල් පැවැත්විණි.
පක්ෂයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේ දී සංශෝධනය කෙරුණු නිලධාරී මණ්ඩලය අනුමත කර ගැනීම ද එහිදී සිදුවිය.

ඒ අනුව පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස ලසන්ත අලගියවන්න මහතා ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද පත් කරන්නට විධායක සභාවේ අනුමැතිය හිමිවිය.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නියෝජ්‍ය මහලේකම් ලෙස නව තනතුරක් පිහිටුවා ඇති අතර ඒ සඳහා උතුරුමැද ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පත්කිරිමට විධායක සභාවේ අනුමැතිය ලැබිණි.



අදහස් (13)

ජනපතිවරණය ගැන හදිසි විය යුතු නෑ

ගල්කටස් Tuesday, 27 August 2019 03:23 PM

ඔබතුමාට නම් හදිසි නැතුව අැති අපට නම් ඉතා හදිසියි ඔයාව අයින් කරලා වෙන කෙනෙක් පත් කර ගන්න .

:       75       215

රජින්ද Tuesday, 27 August 2019 03:33 PM

මම හිතුව ජනාධිපතිවරනෙට තව කල් තියෙනවා ඒ නිසා අපි රට වෙනුවෙන් දැන්වත් වැඩක් කරමුයි කියල කිව්වා කියල. නෑ නෑ තවත් රටට වැඩක් කරන්න නෙවෙයි සැලසුම් කරන්නේ පක්‍ෂය ශක්තිමත් කරන්නයි සැලසුම් කරන්නේ. මමනම් කියන්නේ රටට වැඩක් නොකරපු පක්‍ෂයි ඒවායේ ඉන්න එවුනුයි මේ රටින් ඉක්මනින්ම චුත වේවායි කියලයි. මේ රටට හොද කලක් යන්න නම් මොවුන් එක්ක කරන්න බැහැ.

:       1       92

sunil milano Tuesday, 27 August 2019 03:55 PM

ඒ පාර මොකාටද මෙයා එන්න හදන්නේ.

:       0       11

upali Tuesday, 27 August 2019 04:00 PM

ඔළුගෙඩි මාරුකිරීමේ ක්‍රමය.

:       0       6

Ranga Tuesday, 27 August 2019 04:48 PM

බුදු අම්මේ හදිස්සියි නේන්නම්, වෙලා තියෙන නස්පැත්තියෙන් බේරෙන්න බලන් ඉන්නව.. මේක නම් කල් දාන්න එපා රජෝ... පවුල් පිටින් මහා සාපෙකට අහුවෙන්න වෙන්නෙ...

:       0       55

victor Tuesday, 27 August 2019 04:52 PM

නිදහසේ පාවා දෙන්නන්ගේ පාරාදීසය.

:       0       20

Rohana Tuesday, 27 August 2019 04:53 PM

ඒ කියන්නේ ඔබතුමාට ජනාධිපතිවරණය ට ඉදිරිපත් වෙන්න පැහැදිලි විශ්වාසයක් නැතිකම නිසා නේද?

:       0       49

chandima Tuesday, 27 August 2019 09:21 PM

මට හිතුන ඕක වෙයි කියල මහබැංකුවේ අධිපති තුමා ඉදිරි ආර්ථික සංවර්ධන වේගේ ගැන කියද්දීම. කට කැඩෙනකල් එතුමාට කිව්වා ගණන් හිලව් කියන්න එපා කිව්වොත් මේගොල්ලෝ දාලයන්න හොර වෙනවා කියල. කොහෙද ඇහැව්වේ නැහැනේ? දැන් ඉතින් තව කට්ටියකට පස් අවුරුද්දෙන් පැන්සොන් එකත් හදාගෙන, තීරු බදු නැතුව කාර් ටිකක් එහෙමත් අරගෙනම මාරුවෙයි.

:       0       56

රවින් Wednesday, 28 August 2019 02:23 AM

ඔවු ඔවු ඒ උනාට මිනිසුන්ට ගෙදර යන්න හදිස්සිය්නේ.

:       0       52

ලුම්බිණි Wednesday, 28 August 2019 02:45 AM

ඒ උනාට අපිට හදිසියි නේ.

:       1       127

ruwanl Wednesday, 28 August 2019 07:46 AM

සර්ප්‍රයිස් එකක් වෙයි වගේ...

:       0       0

ramendra Wednesday, 28 August 2019 08:40 AM

අපේ රටේ විධායක ජනාධිපතිධුරය සහ පළාත්සභා දෙකම අහෝසි කළයුතුයි. අනෙක ලබන පාර පත්වෙන විධායක ජනාධිපතිට මහලොකු බලයකුත් නැත්නම් මොකටද රටේ ජනතාවගේ මුදල් කෝටි ගණනක් ඡන්දයකට වියදම් කරන්නේ...

:       0       2

ගගන Wednesday, 28 August 2019 11:37 AM

අනේ පව් නොදී යනවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29876 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12040 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10890 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 753 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 225 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 876 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site