
(යොහාන් භාසුර)
කැළණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමි වන ජනතාව වෙනුවෙන් ඉදිවන ‘මාලපල්ල’ මහල් නිවාස ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිරීක්‍ෂණය කළේය.
කැලණිවැළි දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් මරදාන සිට පාදුක්ක දක්වා දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසරයෙන් පදිංචිව සිටි පිරිස් එම ස්ථානවලින් ඉවත් කර ඔවුන්ට වෙනත් සුදුසු ස්ථානවල නිවාස ලබාදීමේ වැඩසටහනක් ප්‍රවාහන අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇති බවත් මෙම ව්‍යාපෘතිය යටතේ නව නිවාස 120ක් කොට්ටාව - මාලපල්ල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින බවත් ප්‍රවාහන අමාත්‍යංශය කියයි.
නිදන කාමර දෙකක්, විසිත්ත කාමාරයක්, මුලුතැන්ගෙයක්, නාන කාමර ඇතුළු සියළු පහසුකම් සහිත නිවසක් තෝරාගත් නිවාස අහිමි පවුලක් වෙනුවෙන් හිමිවන බව කී ප්‍රවාහන අමාත්‍යංශය එහි ඉදිකිරීම් 2023 වසරේ අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් කළේය.
එම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. බී. එස්. ඊ. පී. ගුණසිංහ මහතා ඇතුළු නිලධාරීහූ පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
නිරික්ෂන කරන එකාගෙ නම දැක්කම කියවන්න එපා වුනා
අනවසර පදිංචිකරුවන්ට නීත්‍යානුකූලව වැඩකරන අයගේ බදුමුදලින් ලබාදෙන නියම දඬුවම..! ඡන්දය බලාගෙන කරන වැඩ...!
අනවසරයෙන් රජයේ ඉඩම්වල පදිංචිවෙලා ඉන්න අයට ජනතාවගේ බදුමුදල් වලින් නිවාස දෙනඑක බදු ගෙවන්නන්ට කරන අසාධාරණයක්...!