(යොහාන් භාසුර)
තඹුත්තේගම ප්‍රදේශයේදී සිදුවූ කෝටි දෙකක මුදල් මංකොල්ලයට සම්බන්ධ යැයි අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජාංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (28) පැවසීය.
එම සිද්ධියට නිෂ්චිත වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට පත්ව සිටින බව කී කාරියවසම් මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියෙන් වාර්තාවක් ද ඉල්ලා ඇති බව ද සදඟන් කළේය.
පොලිස් විමර්ෂණවල ප්‍රගතිය අනුව ඉදිරි කාලයේදී ඔහුට එරෙහිව චෝදනාවක් තිබේ නම් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරයෙන් ද ඉවත්කිරීමට කටයුතු කරන බව ද ලේකම්වරයා කීය.
COMMENTS
අනේ සාගර, නාට්ටි පෙන්වන්නේ නැතිව ඉන්නවාද? හොරුන්ගේ පක්ෂයේ ඉන්න හැම කෙනෙක්ම හොරෙක් තමයි. තඹුත්තේගම පොර කරලා තියන වරද මොකක්ද? හොරකම් කරනවා වෙනුවට මංකොල්ලයක් කාලා තියෙනවා...
හොඳ අදහසක්... ඒත් අර දියවන්නාවේ ඉන්න ලෝක හොරු ටික එතකොට...
තෝරු, මෝරු දාලා අස්සෙන් රිංගලා යද්දී හාල්මැස්සන්ට විතරක් බිලී කොකු දාලා හරියන්නේ නැහැ.
එතකොට රටම කොල්ලකාපු පවුලට මොකද කරන්නේ?
ලොකු හොරෙක්.. ඇල්පිටියේ කෙනෙක්ගෙන් අහලා බලන්න.
කරලා තියෙන හොරකම්වල හැටියට සාමාජිකයින් ඔක්කොගේම සාමාජිකත්වය අහෝසි කරන්න වෙයි. විශේෂයෙන් කපුටා සහ කපුටු පරපුර...!
ඔක්කොම හොරුන්ගෙ පක්ශ සමාජිකකම් අහිමි කරල පෙන්නන්න. බලමු කීදෙනෙක් ඉතුරු වේයිද කියල
මෙ මොඩ චුන් වලට අහු වෙන්න අපිත් මො වගෙ මොඩයෙක් කියල හිතනව අති. මෙ මිනිහ කවුද ඇත්තටම?
මහ බැංකුව සුද්ද කරන්න උදව් කරපු කෙනා ජනාධිපති වුණා නම්... මෙයා නැවත පක්ෂයට ගන්න එක අහන්නත් දෙයක්ද?
සුපිරිසිදු, 69 ලක්ෂයක ජනවරමක් තියෙන පක්ෂය. තොරු - මෝරු හොරකම් කරනවා නම්, හාල්මැස්සෝ හොරකම් නොකර ඉඳීද? කයිවාරු නම් කොහොමද?
ඔයාලගේ පක්ෂයේ අධිකරනයෙන් දඬුවම් ලබපු ලොකුම ලොකු කප්පම් කාරයෙකුත් ඉන්නවනේ. ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන්නේ නැතුව, ඔහුට ඇමතිකමුත් දීලා. මේවා බොරු සංදර්ශනය බව ජනතාව දන්නවා...
එතකොට රටම හොරාකාපු නන්දසේන සහ නඩය...? තාමත් පොහොට්ටුවේ නේද ඉන්නේ?
අහෝ සාගර කිමද මේ..? ඔහේගේ පක්ෂයේ මහ අයගේ ඉඳලා පොඩි එක්කෙනා දක්වාම හොරු බව රටම දන්නවා. හොරු, කප්පම්කාරයින් ඔක්කොම ඉන්නේ ඔහෙලා ගාවනේ..!
අර කප්පම් අරන් උසාවියෙන් වරදකරු වුණු කෙනාගේ පක්ෂ සාමාජිකත්වය තවම තිබෙනවද? මේ මන්ත්‍රීගෙ නඩුව ඉවර වෙලා ඔහු වැරැදිකරු වුණොත් තහනම ඉවත් කරනවද?
සාගර ඔබේ වැඩ දැක්කම මට මතක් වෙන්නේ ඇනස්ලි, බර්ටි සැමුවෙල්... ඔබ සිනහ සාගරයකි...
දැන් ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න වුණත් සුදුසුකම් තියෙනවා. පොඩි පරහකට තියෙන්නේ වැඩේ අහු නොවෙන්න කරගන්න බැරිවුණු එකයි. මීළඟ ඡන්දෙට කළින් තවත් සුදුසුකම් දෙක තුනක් එකතු කරගත්තා නම් ටිකට් එක ලැබෙනවා... ශුවර්ම තමයි..
සාගර, ඔහොමම අනිත් හොරුන්ගේත් පක්ෂ සාමාජිකත්වය අත් හිටුවන්න. එතකොට පොහොට්ටු පක්ෂය කියලා දෙයක් නැතිවෙනවා.
කෝටිගණන් ආණ්ඩුවේ සල්ලි හොරාකෑවා කියලා චෝදනා ලබපු අයගේ සාමාජිකත්වය තහනම් කරන්න වුවමනාවක් නැතුවා ඇති නේද?
රටම මන්කොල්ල කාලා,ජනතාව මහ පාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත පවුල් පාලනේ අයට ප්‍රශ්නයක් නැද්ද .දූෂිත දේසපාලුවෝ රකින්ඩ පින් ජනපතියෙක් ඉන්නවා.ඒ මදැයි .
පක්ෂයක් කෙහොමද පොලිසියෙන් වාර්තාවක් කැඳවන්නේ... නොදන්න නිසයි අහන්නේ... අනෙක් අතට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය යටතේ කොහොමද කෙනෙකුට දඬුවම් කරන්න තීරණය කරන්නේ? චෝදනා ඔප්පු වෙනකන් ගුරා හිටගෙන කරන දේවල් ගෝලයෝ දුව දුව කරනවා කියලා කියනවනේ..!
මුළු නඩයම හොරුන්, මිනීමරුවන්, ස්ත්‍රීදූෂකයන්, මංකොල්ලකාරයින් එක වලකටම වැටෙන්න ඕනේ...!
Not only the student, teachers too should be dismissed !
Most of the present politicians are corrupt and rogues, robbers right from Local government councils to the parliament. They have already destroyed the economy of the country and still doing the same. This is high time for educated, spirited and foresighted youth to get into the parliament leaving aside their political orientation and drive the country out of the present situation. Especially the voters should act wisely in the forthcoming elections to elect right people as their representatives.
පොහොට්ටුවෙ ලොකු ඒවුන්ගෙ ආදර්ශය අරන් පහල මට්ටමෙ උනුත් හොරකමට පුරුදුවෙලා
මෙයාගෙ විතරක් නෙවි මෙයාගෙ පක්ශෙම විසුරුවා හැරල දාන්න ඔනි. වැඩි හරියක් ඉන්නෙ හොරුයි මංකොල්ල කාරයොයි...
බිලියන ගනනක වංචාවක් නොකර මෙවගෙ පොඩි දූශන ැඩ කරල පක්ශයෙ කීර්තිනාමයට අපහාස කලාටද?
ඔය සාගරයා පෙන්වන නාට්‍යවලට මෙයා යන්නේ නම් අසූචි මහා නරකාදියට...