
(තුෂාර හෙට්ටිආරච්චි)
කුරුවිට වලඳුර ගැරඬිඇල්ලේ දිය නෑමට ගොස් අතුරදන් වූ යුද හමුදා කපිතාන් සුරන් රණසිංහගේ සිරුර කුරුගඟේ තිබියදී අද සොයා ගත් බව කුරුවිට පොලීසිය පවසයි.
කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තුවේ සේවය කරන කැප්ටන් සුරන් රණසිංහ දෙදරු පියෙකි. මොහු මිල්ලවිටිය පදිංචිකරුවකු බව පොලීසිය කියයි.
වලඳුර ගැරඬිඇල්ලේ පිහිටි දියවලක හිතමිතුරන් සිව්දෙනකු සමග පසුගිය 05 දා සවස්වරුවේ දිය නෑමට ගොස් ඇත.
පළමුව මේ අයගෙන් දෙදෙනකු දිය නා ගොඩට පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා දිය නාමින් සිටිය දී එකවරම පැමිණි සැඩ පහරකට හසුවී ගසා ගෙන ගොස් ඇත.එක් අයකු ගසක අත්තක එල්ලි දිවි බේරාගෙන ඇති අතර කපිතාන්වරයා තරුණයා අද සවස වන තෙක්ම සොයා ගැනීමට නොහැකිවූ බව පොලීසිය පවසයි.
කුරුවිට පොලිසිය, කුරුවිට යුධ හමුදා කඳවුරේ සහ නාවික හමුදා නිලධාරීන් පිරිසක් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් කපිතාන්වරයාගේ සිරුර සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියනෑමට පෙර සප්පායම් වූයේද..?