ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී අද (9 වැනිදා) පැවසීය. ඒ සම්බන්ධයෙන් පවත්නා ව්‍යවස්ථාපිත ගැටලු නිරාකරණය කර ගන්නා බවද සිරිසේන මහතා ප්‍රකාශ කළේ පොළොන්නරුවේදී පැවති ජන හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික් මහජන හමුවක් පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පොළොන්නරුව නව නගරයේ දී අද පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට නියමිත පරිදි පැවැත්වෙන නමුත් ඇතැම් පිරිස් ප්‍රකාශ කරන පරිදි එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවයි.
රටේ අනාගතයට බලපාන යහපත් තීන්දු තීරණ රැසක් ගැනීමට ඉකුත් සිව් වසර තුළ ජනාධිපතිවරයා වශයෙන් තමන් කටයුතු කළ බවද පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ අද ප්‍රබල සමාජ අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මැඩැලීම වෙනුවෙන් ගෙන යන පු`ථල් වැඩපිළිවෙළකට මේ වන විට තමන් උර දී සිටින බවයි. ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ කිසිදා නොවූ පරිදි ශක්තිමත් කළා සේම එහි තවත් සුවිශේෂී පරිවර්තනයක් ඉදිරි මාස කිහිපය තුළ සිදුකරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟුවේ දේශපාලන පක්ෂයක් ලෙස නොව නිදහසින් පසු ශ්‍රී ලංකාව දේශීයත්වය සහ අපේකම මුල්කරගත් රටක් ලෙස ගොඩනැගීමේ පු`ථල් බලවේගයක් ලෙස බවයි. අද දවසේ ද රටේ ස්වාධීනත්වය, නිදහස සහ අපේකම් රැක ගනිමින් රට ගොඩනඟිය හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව සඳහන් කළ සිරිසේන මහතා කවුරුන් කුමක් කිව්ව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙකත් දුර්වල වී නොමැති බවත්, ඉදිරි ආණ්ඩුව පිහිටුවීමේ ප්‍රධාන සාධකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව කිසිවෙකු අමතක නොකළ යුතු බවත් පැවසීය.
බණ්ඩාරනායක මහතාගෙන් පසුව තමන්ගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමට කොමිසමක් පත් කළ එකම ජනාධිපතිවරයා තමන් බව ද කී සිරිසේන මහතා මහ බැංකු මංකොල්ලය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම සේම 2015-2018 කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි පැවසෙන වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමට තමන් විසින් පත් කළ ජනාධිපති කොමිසමේ පරික්ෂණ කටයුතු ද ලබන සතිය වන විට ආරම්භ කිරීමට නියමිත බව කියා සිටියේ ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මහින්ද අමරවීර, වීරකුමාර දිසානායක, තිලංග සුමතිපාල, ඉසුර දේවප්‍රිය, ගාමිණි තිලකසිරි, පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් රැසක් සහ ක්‍රියාකාරිහු විශාල පිරිසක් ජන හමුවට එක්ව සිටියහ.
මේ අතර පොළොන්නරුව රාජ්‍ය සේවක නිල නිවාස සංකීර්ණයේ පළමු අදියර යටතේ ඉදිකෙරුණු නව ගොඩනැගිල්ල අද (09) පෙරවරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි. පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් කෝටි 150 ක වියදමින් මෙම ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකෙරෙන අතර සම්පූර්ණයෙන් වැඩ නිම වීමෙන් අනතුරුව සමස්ත නිවාස සංකීර්ණය නිවාස 86 කින් සමන්විතය.
මෛත්‍රී පාලනයක් - තිරසර යුගයක්, සංකල්පය යටතේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් සියලු පහසුකම්වලින් සමන්විත ආකර්ෂණීය නිවාස සංකිර්ණයක් ලෙස මෙම රාජ්‍ය සේවක නිල නිවාස සංකීර්ණය ඉදි කෙරේ.
මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, චන්ද්‍රසිරි සූරියආරච්චි යන මහත්වරුන් ද, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා ඇතු`ථ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රතිලාභ බෙදාදීමේ වැඩසටහනක් ද අද පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව නව නගරයේ වාරි මාර්ග ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
පාසල් සිසුන් වෙත ලක්දරු දිරිය ශිෂ්‍යත්ව, නිවාස, ජීවනෝපාය මාර්ග සංවර්ධනය යටතේ උපකරණ, අඩක් ඉදිකර ඇති හා අලුත්වැඩියා කළයුතු නිවාස සඳහා සෙවිලි තහඩු ඇතු`ථ අමුද්‍රව්‍ය ඇතු`ථව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් අද දින ප්‍රදානය කරන ලද විවිධ ද්‍රව්‍ය සහ ආධාරවල සමස්ත වටිනාකම රුපියල් කෝටි දොළහමාරකට ආසන්නය.
COMMENTS
මෙයාගේ ගෝල මුස්තාපා ලවා පළාත් සභා මැතිවරණ නොතියා මගහැරලා දැන් අමුතු වුවමනාවක් ඇතිවෙලා. ජනාධිපතිවරණයක් තමයි පොදුමහජනතාව බලාපොරොත්තු වෙන්නේ... ඒකට ලෑස්තිවෙමු.
ලැජ්ජයි ජනාධිපතිතුමා, එතකොට ඉදිරි ආණ්ඩුව පිහිටුවීමේ ප්‍රධාන සාධකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එහමනං ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව පිහිටුවෙන්න නැහැ. සාධකය පමණයි. පක්ෂ නායකයෙක් හැටියට ලැජ්ජයි...
මාකඳුරේ මදුෂ් සහ අමල් පෙරේරා විසින් සේනා දළඹුවන් මුළුමනින්ම මර්ධනය කරන ලදී. දැන් ඉතින් ඕනෑම මැතිවරණයක් හනික සුදානම් කරන්න. අපි සුදානම්.
අපරාධකාරයෙක් එල්ලුම්ග ස් යවන කල් ජන්දෙ දෙන්නෑ. දෙන්න යන කෙනෙක්ටත් කියනවා දෙන්න එපා කියලා
ඡන්දේ පහු කරපු කෙනාම දැන් කියනවා ඉක්මනට ඡන්දය ඕනලු. දැන් ඔය පළාත් සභා නෑ කියලා රටට කිසිම පාඩුවක් වුනේ නැති එකේ ඕක ඔහොමම අහෝසි කරලා ඕවයේ බලතල ප්‍රාදේශීය සභා සහ මධ්‍යම රජයට ගත්තානන් වැඩේ හරි.
මත්ද්‍රව්‍ය ගැන කතා කරනවා මත් දේවල් වලට හුරුවෙන්නේ අරක්කු නිසා අද අරක්කු බිස්නස් එක දේශපාලඥයොයි ආණ්ඩුවයි බදු එකතු කරගන්න කරන වියාපාරයක් අහිංසක මිනිස්සු තමා තැබෑරුම් වල ගොඩ ගෙහිල අරක්කු ගන්නේ මේ ඔක්කොම බිල අරක්කු ඇත අරින්නෙත් නෑ.
වර්තමානයේ මේ පවතින සීතල දේශපාලන ගැටුමේ හොඳ පැත්තකුත් තියෙනවා. ජනපති, රනිල් ඇතුළු යූ.එන්.පී.. ය පරදා ජනතා ප්‍රසාදය ගන්න සංවර්ධන වැඩ කරනවා. එයින් රටට වෙන්නේ සෙතක්... ඒත් දුරදිග නොසිතා කරන ප්‍රකාශ නිසා ජනතා විවේචනයට ලක්වෙනවා. අගමැති තම පක්ෂයට ජනතා ප්‍රසාදය ලබාගැනීමට සංවර්ධන කටයුතු වල යෙදෙනවා. ඒත් ඒ ගැන ප්‍රසිද්ධියක් ලබාදී එය ජනතාව වෙත නිසිලෙස සන්නිවේදනය කරවීමට ඔහුට හෝ උපදේශකයන්ට නොහැකිව පවතිනවා. ශ්‍රීලනිපය සහ පොහොට්ටුව ප්‍රතිවාදීන් කෙසේ හෝ වනසා තම බලය දිනීමේ වැඩක නිරත වෙනවා. එය ඔවුන්ගේ දේශපාලන අයිතියක්... ඒ අතර පොලීසියේ දක්ෂකමෙන් කළදේටත් සමහරු ලකුණු දාගන්න හදනවා. මිනිසුන් පක්ෂවලට බෙදිලා විරසක වුණත්, මහින්ද තම බලවත්ම දේශපාලන පසමිතුරාට මගුල් ගෙදරට ආරාධනා කරනවා. අපේ දේශපාලකයන් කෙසේ වටහා ගනිමුද?
ඔයා අපේකමයි, දේශීයත්වයයි මුල් කරගන්න ගිහින් තමයි 30ක් අවුරුදු යුද්ධෙන් අපේ රටේ ජනතාවත් වීරෝදාර රණවිරුවොත් දිවි පිදුවේ...
මොන මගුලක් හරි කමක් නැහැ කරලා එජාපයින්ට මේ රටේ පාලනය නැවත නොදෙන බව පෙන්වන්න. එජාපයෝ බලයට එනවා කියන්නේ රටේ සිංහලයාට ලැබිය යුතු තැන වෙනත් පිරිසකට හිමිවීමයි. පුළුටක් නොතිබුන අපේ ගම්වලට ඒ අය සංක්‍රමණය වෙනවා.
අපිට පළාත් සභා ඡන්දයක හදිසියක් නැහැ. ඔය සුදු අලියා අපිට අවශ්‍යයත් නැහැ.
මේ පුද්ගලයා සත පහක්වත් ජනාධිපති වීමට වියදම් නොකර, අනුන්ගේ පිහිටෙන් බලයට පැමිණ, පසුව නැග්ග ඉනිමගට පයින් ගසා, ජනතාවට සහ මහාසංඝ රත්නයටද බොරු පොරොන්දු දී නිගරු කළා මදිවට දැන් බල තණ්හාවෙන් විවිධ දේ කියනු පෙනේ. අප විසින් බලයට ගෙන ඒමට එදා දර දිය ඇද්ද නමුත් , නැවත වතාවක් එසේ නොකරන බවත්, ඔය කුමන මැතිවරණයක තිබුණත් අසුචි කන්දරාවක් නෑවා හා සමානව පරාජය වන බවත්, තවදුරටත් තමුන්ට මේ රටේ දේශපාලන අනාගතයක් නැතිබවත් අවබෝධ කර ගැනීම වටින්නේය.
ජනාධිපතිවරණයට කලින් ජනමතය විමසන්න එපාය? එත් අපි නම් දන්නවා ඡන්ද දෙකෙන්ම මොකද වෙන්නේ කියලා.