(අංජුල මහික වීරරත්න  සහ සුජිත් හේවාජූලිගේ)

මේ වසරේ බලය ගැනීම සඳහා ලොකු සැලැස්මක් තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසූයේ සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පක්ෂ මූලස්ථානයේ වැඩ කටයුතු ආරම්භ කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

දේශපාලන වෙනසක් සඳහා තම පක්ෂය සූදානම් බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කීය.

මෙවර මැයි දිනය වෙසක් පොහොය දිනට යෙදී ඇති බැවින් තම පක්ෂය මැයි දිනය සැමරීමක් සිදුනොකර ආගමික කටයුතුවල නිරත වන බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කීය.

" අපි මේ සැරේ සිල් ගන්නවා" යනුවෙන් ද මහින්ද රාජපක්ෂ මහතා කීය.