IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


’’හොරෙන්ගෙනා වාහන දෙන්න එපා’’

(රෝෂන් තුෂාර)

රේගුවට හොර රහසේ ආනයනය කර  ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධි සුඛෝපභෝගි වාහන 112ක් පැවරීම හෝ අන්සතු කිරීම වළක්වමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට  නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නිකුත් කළේය.

රුපියල් කෝටි හතරේ සිට හය දක්වා වටිනාකමින් යුත් මොන්ටෙරෝ ,ලැන්ඩ්කෲසර්,අධි සුඛෝපභෝගී කැබ් සහ නිසාන් වර්ගයේ අධි සුඛෝපභෝගී ද්විත්ව කාර්  රථ ඇතුළු වාහන 112ක් හොර රහසේ ආනයනය කර රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් රජයට කිරීම සම්බන්ධයෙන්  සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බැවින් අදාළ නියෝග නිකුත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ ඉල්ලීමක් අනුව මෙම තහනම් නියෝග නිකුත් කෙරිණි.

මෙම සුඛෝපභෝගී රථ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කර ඇතැයිද අල්ලස් කොමිසම කරුණු ඉදිරිපත් කළේය.

කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ 2015 වසරෙ සිට 2022 මෙරටට අධි සුඛෝපභෝගී වාහන 178ක් මෙලෙස හොර රහසේ ආනයනය කර ඇති බවට  අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකය කළ විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවය.

සුඛෝපභෝගී වාහනවල වත්මන් ලියාපදිංචි අයිතිකරු නම්කර  වටිනාකම සටහන් දළ ඇස්තමේන්තුවක් සහිතව නඩු පනස් එකක් ගොනුකර කොමිසම ඉදිරිපත් කළ  කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ රථ වෙනත් පාර්ශවයකට පැවරීම වළක්වමින්  නියෝග නිකුත් කළේය.


 

 



අදහස් (1)

’’හොරෙන්ගෙනා වාහන දෙන්න එපා’’

Thushara Tuesday, 23 April 2024 08:58 AM

සුප්‍රසිද්ධ මිනිකූපර් මගඩියේ වරදකරු නාරම්මල ,මැටියගනේ 'රන්දි ' මෝටර්ස් හිමිකරු ධර්මරත්න බණ්ඩා අත්අඩංගුවට නොගන්නේ ඇයි? මෙයට ඉහළ පෙලේ පුද්ගලයින් රැසක් සම්බන්ධ නිසාද? එහෙම නැත්තන් 'රන්දි මෝටර්ස්" එකෙන් ලැබෙන පගාව නිසාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 53 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site