
(යොහාන් භාසුර)
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය රජයට සම්පූර්ණයෙන් අයත් ස්වාධීන පද්ධති ක්‍රියාකාරීත්වයක් සහිත ශක්තිමත් තනි ගැනුම්කරු මාදිලියක් තුළ ජනන, සම්ප්‍රේෂණ, බෙදාහැරීම් අංශ මූල්‍ය හා කාර්ය පරිපාලන වශයෙන් ස්වාධීනවන යාන්ත්‍රණයක් පුළුල් මහජන හා පාර්ශවකරුවන්ගේ උපදේශනයක් තුළ ස්ථාපිත කර ඉදිරි වසර පහ තුළ ක්‍රියාත්මක කරන බවත් එම මණ්ඩය පවසයි.
කලාපයේ අඩුම විදුලි පිරිවැය ඇති රට බවට ශ්‍රී ලංකාව පත් කරමින් මහජන හිතැති, පිරිසිදු, සුරක්ෂිත විදුලිබල ක්ෂේත්‍රයක් ඇති කිරීමට සැමට එක්වන ලෙස එම මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය ආරාධනා කරන බවත් බලශක්ති අමාත්‍යාංශය ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සඳහා සියළුම සේවකයින්ගේ සක්‍රීය දායකත්වය ගැනීමට සියළු සේවක ස්ථර නියෝජනය කරමින් සැදුම්ලත් කමිටුවක් ස්ථාපිත කිරීමට යෝජනා කළ බව ද විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ලංවිම තුළ එසේ සිදුවිය යුතුව තිබූ වෙනස්කම් දශක ගණනක් පුරාවට ආයතනය තුළින්ම සිදු නොවීමේ ප්‍රතිඵලය ලෙස පසුගිය වසරේදී බාහිර යාන්ත්‍රණයන් යෝජනා කළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් තුළට අනුගත වීමට සිදුවූ බවත් වත්මන් ජනාධිපතිවරයා ලැබූ සමාජ පරිවර්තනීය ජනවරමට අනුරූපවන පරිදි බලශක්ති ක්ෂේත්‍රයේ නිසි ප්‍රතිසංස්කරණයන් කිරීමට නැවතත් අනගි අවස්ථාවක් උදාවී ඇති බවත් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ඒ. ඩී. කේ. පරාක්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව අවුරුදු කීපයකින් තවත් ණය බරක් අපි පිට වැටෙන්න නියමිතයි.
හරි හරි... අපි කුප්පි ලාම්පු ටික ලෑස්ති කරගන්නම්...!
ඔව් කාටවත් අමාරුවක් නෑ... කියයි කිව්වත් අපි ගෙවනවනේ..!
විදුලිබල මණ්ඩලය පෞද්ගලික නොකරන එකට රෝහිනී කවිරත්නට මල පැනලා, අන්න මාධ්‍ය නිවේදන ගහනවා. අයි.එම්.එෆ් එක තරහයි වෙයිලු, ලංකාව අත්හැරලා යයිලු. යනවාද ඉන්නවාද කියලා තීරණය කරන්න අයි.එම්.එෆ් එකට අයිතිය තියෙනවා. ඒ වගේම රජය සතු ව්‍යාපාරය වලට මොකද කරන්නේ කියලා තීරණය කරන්න ආණ්ඩුවට අයිතිය තියෙනවා. හොර පාරෙන් ඇවිත් අර මුග්ධ නරියා අයි.එම්.එෆ් එකට ඕනෑ විදිහට ගිවිසුම් ගැහුවාට, රටට ආදරය කරන මිනිසුන්ට එව්වා එහෙම කරන්න බැහැ කියලා රෝහිනීලා සහ ඔවුන්ගේ මහ එවුන් දැන ගන්න ඕනෑ. ඒකට තමයි සජබට නොදී ජාතික ජනබල වේගයට රට බාර දුන්නේ, රට විකුණගෙන කන්න සූදානම් වෙලා ඉන්න නඩයට කියන්න තියෙන්නේ, ජනතාව තීන්දුවක් දීලා ඉවරයි. ඒක ෂුවර් නැත්නම් ලබන 15 වෙනිදා උදේ වෙනකොට තව සහතිකයක් ලැබෙයි. ඒ නිසා නොකර සද්ද බලාගෙන හිටපල්ලා...!
හොරකම් , කොමිෂන් නැත්නම් ඒක පෞද්ගලීකරණය කරන්න කාටවත් ඕන නෑ. ප්‍රශ්නය තියෙන්නේ උඩ ඉන්න එකාගේ සිට කම්කරුවා දක්වාම හොරකම් කරන එකයි.
ඒත් මහජන මුදලින් මණ්ඩලයක සේවකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීම මොන ක්‍රියාවක්ද? රටේ වැඩිම වැටුප ගන්න ආයතන මහජනතාව මත බර පැටවීම මොන සාධාරණත්වයක්ද?
ජෝලියයි කාංචනයයි හිටියා නම් මෙලහකටත් විඋකුනන් කාලා
විදුලිය බල මණ්ඩලය කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සේවක පිරිස 5000යි. නමුත් 26000ක් ඉන්නවා. මේ ඔක්කොම සුළු පටු වැටුප් නොවෙයි ගන්නෙත්. ඒ වගේ දේවල් එහෙමත් ප්‍රතිසංස්කරණය වෙන්න ඕන. ආණ්ඩුව සේවා සපයන කොට ආණ්ඩුවට ලාභයක් උපයන අදහසක් නැති නිසා සහනාධාර මිලකට සේවා සපයනවා. නමුත් පාඩුව පියවන්නෙත් මිනිස්සු රජයට ගෙවන බද්දෙන්. ඉතින් එක තේරුමක් නැති ක්‍රියාවක්. පෞද්ගලීකරණය අවශ්‍යයි. පෞද්ගලික අංශයට පුළුවන් අතිරික්ත සේවකයන් ඉවත් කරලා ලාභ ලබන ලෙස දියුණු කරන්න. ඒ ලාභයට අදාළව බද්දක් ආණ්ඩුවට ගෙවන්නත් පුළුවන්.