IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


’ඊ ටිකට්’ ජාවාරමට මාකුඹුර පොලිස්මන්වරයාගේ වැඩ තහනම්

(යොහාන් භාසුර)

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස්මන්වරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

පොලිස්මන්වරයා ඔහුගේ ඥාතියකුගේ නමින් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කරන පෞද්ගලික ආයතනයක් ආරම්භ කර ඒ හරහා අන්තර්ජාලයෙන් ඊ ටිකට් වෙන් කර ඇති බවත් එම ටිකට් විවිධ පුද්ගලයන්ට වැඩි මිලට අලෙවි කර ඇතැයි මාධ්‍ය හෙළි කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (7)

’ඊ ටිකට්’ ජාවාරමට මාකුඹුර පොලිස්මන්වරයාගේ වැඩ තහනම්

de silva Saturday, 18 January 2025 12:37 PM

සංචාරකයින්ගෙන් ගසාකනවා. රටම අපකීර්තියේ දමනවා. වැඩ තහනම් කරලා මදි, රිමාන්ඩ් කරලා නඩු පවරන්න ඕනේ...!

:       0       73

Niranga Saturday, 18 January 2025 12:43 PM

කාලකණ්ණි එළවන්න ඕනේ ලංකාවෙන්ම...

:       0       52

සෙනෙවිරත්න Saturday, 18 January 2025 01:34 PM

හිතන්න ඇති මේ සජිත්ගේ ආණ්ඩුව කියලා...

:       71       46

. Lalla Saturday, 18 January 2025 02:47 PM

ඕක එක් ස්ථානයක් විතරක් වෙන්න බැරිද? තව අය ඉන්න ඕනෑ නේද..? අනික වැඩ තහනමට ලක්ව සිටින පුද්ගලයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඕවාට අදාල නීති පසුගිය කාලයේ සම්මත කර ගත්තා නේද?

:       0       46

sb Saturday, 18 January 2025 04:03 PM

ලංකා දුම්රිය සේවයේ ඔයිට වඩා හොරවැඩ, අපරාධ කරන අයත් ඉන්නවා. ඒවාටත් ඉක්මනින්ම පිළිතුරු ලබා දුන්නොත් හොඳයි..!

:       0       39

de silva Saturday, 18 January 2025 08:24 PM

ලොකු හොරු බැරි නම් පොඩි හොරු හරි අල්ලන්න. වැඩ තහනම් කරලා මදි ඇතුළට දමන්න ඕනේ... හැමතැනම මාෆියාව මේවා නැති කරන්න මිනිස්සු මලිමාවට ඡන්දෙ දුන්නේ... අවම වශයෙන් මෙවැනි හොරුන් දිනකට 10ක් පමණ අල්ලන්න ඕනේ..!

:       0       16

sanath Sunday, 19 January 2025 07:32 PM

දුම්රිය ටිකට වෙන් කරනවා කියලා මේ හොරු සංචාරකයින්ගෙන් නොසෑහෙන ලෙස ගසාකනවා. ගුවන්තොටුපලෙන් බැසපු තැන සිට දිගටම එක එක මාෆියා, සංචාරකයෝ මේවා සමාජ මාධ්‍යවල දැම්මාම යුරෝපේ ජීවත්වන අපට පාරේ බැහැලා යන්න බැහැ. අපට රට විරුවා, අර විරුවා, මේ විරුවා වැනි නම්බු නාමවත්, තීරු බදු රහිත වාහන වැනි කැරට් අල පොරොන්දුවත් අපට අවශ්‍ය නැහැ. කරුණාකර ඉන්න රටක ශ්‍රී ලාංකිකයින් ලෙස අභිමානයෙන් යුතුව ජීවත් වෙන්න ඉඩ සලසුවාම හොඳටම ඇති... කරුණාකර සංචාරකයින්ගෙන් ගසා කන එක නවත්වන්න. රජය පියවර ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31360 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13576 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11010 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 124 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 988 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site