IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘බ්‍රිතාන්‍යයේ තීරණය ඒකපාර්ශවීයයි‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරාල් ජගත් ජයසූරිය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ට සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය රජය ගත් තීරණය ඒක පාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

එලෙස සම්බාධක පැනවීමට ගත් පියවරෙන් සිදුවන්නේ තත්වය තවත් නරක අතට හැරීමක් පමණක් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියෙහි රජය නිරත වී සිටින බවත් අතීතයේදී සිදු වූ යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ඇතොත් ඒවා පිළිබඳව දේශීය වගවීම් යාන්ත්‍රණ හරහා කටයුතු කළ යුතු බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශය ගෙන්වා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා රජයේ මෙම ස්ථාවරය දැනුම් දුන් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

 



අදහස් (11)

‘‘බ්‍රිතාන්‍යයේ තීරණය ඒකපාර්ශවීයයි‘‘

යෝගා Wednesday, 26 March 2025 05:17 PM

දෙපැත්තටම නැති නෝංජල් ප්‍රකාශයක් කරලා. කවුද ඕක කියන්න කිව්වේ? ජූලි චන්ද?

:       30       28

Rata PerataThursday, 27 March 2025 12:55 PM

ජනාධිපති පාර්ලිමේන්තුවේදී කිව්වා වගේ මේ මිනිහා කරන්නේ රට අස්ථාවර කරන වැඩක්. යෝග කියන්නේ මොකක්හරි හාමු වෙක්ගේ පස්සේ වැටෙන එකෙක් වගේ. නූගත්කම වෙන්නත් පුළුවන්, එත ආණ්ඩුවේ හැම දේකම වැරදි දකින,හාමුල මොන වැරැද්ද කළත් නොදකින, මේ කාලකන්නි පුරුදු රටෙන් තුරන් කළ යුතුයි.

:       1       1

ලලනි Wednesday, 26 March 2025 06:41 PM

අනේ මන්දමානසික යෝගා තප්පුලන්නේ නැතුව ඉන්න, අප්පිරියයි.

:       0       0

Ariyathilaka Wednesday, 26 March 2025 10:03 PM

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති නිවේදනයෙහි, බ්‍රිතාන්‍ය රජය විසින් පනවන ලද සම්බාධක ප්‍රතික්ෂේප කොට නැත. රජයේ මතය වන ඔහුගේ නිවේදනයට අනුව අපට වැටහෙන්නේ, එසේත් නැතිනම් මේ රටේ පුරවැසියන්ට රජය කියා සිටින්නේ " ඔව්, ඔබ කියන සම්බාධක අප ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඔය කියන චෝදනා ගැන අපත් විමසා බලන්න ඕන; ඔබ විසින් සම්බාධකවලට ලක් කරන ලද ආරක්ෂක ප්‍රධානීන් අතින් ඔබ කියන " ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනය සම්බන්ධ වැරදි" සිදු වුණා ද දන්නේ නැහැ. අපත් මේ ගැන ඒකාන්ත සැකයකින් තොරව ප්‍රතික්ෂේප කිරීමක් කරන්නේ නැහැ. අපටත් මේ ගැන ස්ථීර ලෙස ම කියන්න බැහැ. අපිත් මේ අය ගැන සොයා බලන්න ඕන. ඒක නිසා ඒක පාර්ශවීය නොවී මේ ගැන සොයා බලන්න ඕන. මෙහෙම වුණා ම දේශීය සංහිඳියා යාන්ත්‍රණයට කිසිදු සහයක් වෙන්නෙ නැහැ. තව දුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වෙන්නේ" යන අදහස ද යන්න රජය විසින් රටේ ජන්තාවට පැහැදිලි කළ යුතු ය.

:       2       1

ගුණරත්න Wednesday, 26 March 2025 10:12 PM

කොටි ත්‍රස්තවාදීන් එකතු වෙලා රනිල්ට ගහද්දී හුරේ දමාපු මාලිමාවුන් දත කැට පූට්ටු වී නිදහසට කරුණු කියනවා දැක්කාම අපට දැනෙන්නේ නම් කුරීරු සතුටක්.

:       2       1

ලලනි Wednesday, 26 March 2025 10:52 PM

එම ප්‍රකාශයේ නියම අරැත තේරැම් ගන්න තරම්වත් මන්ද මානසික යෝගාට මොලයක් නෑ.

:       3       5

Asela Thursday, 27 March 2025 12:19 AM

සාමාන්‍යයෙන් මෝඩ බූරුවන්ට NPP වහලුන්ව රැවටීමට ඔවුන්ගේ මව් භාෂාව හැසිරවිය හැකිය. සිංහල කතා කරන NPP නායකයින්ගේ ආඩම්බරය කොහේ ගිහින්ද? ඔවුන්ට මෙය සරල සිංහලෙන් පැවසීමට පරිවර්තකයෙකු භාවිතා කළ නොහැකිද? මහා විජිතගේ නිර්භීතකම කොහෙද ගියේ?

:       4       1

de silva berlin Thursday, 27 March 2025 04:51 AM

දළදා මාලිගාවට බෝම්බ ගහපු , යටත් වුන පොලිස් නිලධාරීන් 600 සමුල ගාතනය කරපු කරුණ නොහොත් විනයාගමුර්ති මුරලිදරන කොහොමද ,අපගේ හමුදා නිලධාරීන්ට සමාන වුනේ ? ඔහු කරපු සමුල ගතන ගැන විමර්ශනයක් කරන්න ඕනේ ඒවා බටලන්දට වැඩිය බරපතල ඊට පසු සිදුවුණා අපරාද , මේ සංහාරය ඇසින් දුටුවෙක් තවමත් ජිවතුන් අතර සිටිනවා

:       1       6

Eranga Thursday, 27 March 2025 06:01 AM

ඉදකින් මුන් නායකයෝද ?

:       2       4

ලූට මූස් Thursday, 27 March 2025 10:17 AM

නෑ…., අර යෝග කියන කෙනාගෙ අප්පොච්චි.

:       2       2

Eranga Thursday, 27 March 2025 12:35 PM

ලුට මූස් .අප්පොච්චි ඔයාගේ අම්මව දන්නවා

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31137 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13269 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site