
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.
ත්‍රිරෝද රථ සොරකමක් සම්බන්ධයෙන් පැමිණි පොලිස් කණ්ඩායමකට සිද්ධීයෙන් කෙටි වෙලාවක තුළ මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් බව ද පොලිසිය සඳහන් කරයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අළුබෝමුල්ල පබුණුගම පදිංචිව සිටි පැපිලියාන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මුරකරු ලෙස සේවය කළ සික්කු හේවගේ පියදාස ඩයස් නමැති 80 හැවිරිදි දෙදරු පියෙකි.
මුරකරු නින්දේ සිටියදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
දාහත් හැවිරිදි ප්‍රධාන සැකකරු වූ එම ළමා නිවාසේය. තවත් 16 හැවිරිදි පිරිමි දරැවකු මෙම අපරාධය සඳහා සහභාගී කරගෙන ඇතැයි ද අනාවරණය වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ළමා නිවාසයක් වෙන්න බැහැ .පරිවාස දෙපාර්තමේන්තුවට අයත් රැදවුම් නිවාසයක් වෙන්න පුළුවන්. මෙම වයසේ අයට ළමා නිවාස රැකවරණය දෙන්නෙ නැහැ .යම් යම් අපරාධ සම්බන්ධයෙන් අධිකරණය මගින් එවන (තරුණ ) පිරිස් අතින් තමයි මෙහෙම වෙන්නෙ .කොහොම වුනත් ළග ළගම ලැබෙන පුවත් අනුව දැන් දැන් ළමා නිවාස මහා වසංගතයක් වෙලා කියලා පේනවා (මට එදා හෙළදිව මතක් වුනා )
මේ තරුණ ළමයින්ගේ ජීවිත පුන්රුප්තාපනයට නිසි ක්‍රම වේද තිබිය යුතුයි