IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හිරුණිකාට ඇප දෙනවාද? නැද්ද? : තීන්දුව 22

(රෝෂන් තුෂාර)

තරුණයකු  කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා  පහර දීම ඇතුළු චෝදනා 18 කට වරදකරු වී වසර 03 සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇප ලබා දෙනවාද? නැද්ද ?යන තීන්දුව ලබන 22 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (15) දන්වා සිටියේය.

සිර දඬුවමට එරෙහිව තමන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින්  එම පෙත්සම විභාග කොට අභියාචනාධිකරණය විසින් අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු  ඇපමත මුදා හරින ලෙස  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය  ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර  මහතා කරුණු දක්වමින් ඇප ලබාදීම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කළේය.

අභියාචනාධිකරණ  නඩුව දිනපතා හෝ විභාගය කිරීමට නීතිපතිවරයාට සහාය දැක්විය හැකි බවත්,එහෙයින් අතීතයේදී මෙන් වසර තුනක සිරදඬුවමකට එරෙහි  ඇපෑලක් විමසීමට කල් ගත නොවන බව පෙන්වා දුන් බණ්ඩාර මහතා කුඩා දරුවන් සිටීම වැනි කරුණු කාටත් පොදු කරනු බවත් පෙන්වා දුන්නේය.

දෙපාර්ශවයේ කරුණුසලකා බැලීමෙන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ලබන 22 වනදා ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයා පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් පේම චන්ද්‍ර මහත්මියට මෙම සිර දඬුවම නියම විය.



අදහස් (3)

හිරුණිකාට ඇප දෙනවාද? නැද්ද? : තීන්දුව 22

අරුණ Monday, 15 July 2024 10:27 PM

ජනාධිපති ලේඛම් කාර්යාලය ඉදිරියේ "ඝෝඨා, පරයා එලියට බැහැපන්'' කියා තර්ජනය කරමින් උද්ඝෝෂණය කරද්දී, එදා ඒ මීටත් වඩා පුංචි දරුවන් වෙනුවෙන් කාලය ගතකරන්න දරු දුකක් සිතුනේ නැද්ද ඔබට. බොරුකාර අම්මන්ඩිලා.

:       10       12

Bandara Tuesday, 16 July 2024 01:09 AM

මේ වගේ වාචාල අම්මන්ඩිලාට ඇප දෙන්න එපා

:       12       12

fairoos Tuesday, 16 July 2024 04:53 PM

පියුමිව නම් අත්අඩංගුවට ගන්න නේ කිව්වේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site