(අමදෝරු අමරජීව)

හිටපු පොලිස් කොස්තාපල්වරයකු ශ්‍රී පුර නගරයේ දී අයිස් නමැති මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 185ක් සන්තකයේ තබාගෙන රැඳී සිටියදී  අත්අඩංගුවට ගත් බව ශ්‍රී පුර පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු  වර්ෂයේ ඔහු සේවයෙන් ඉවත් කර ඇති අයකු බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ . සැකකරුගේ බිරිය ද  කාන්තා පොලිස් පරීක්ෂකවරියක් බව පොලිසිය කියයි. 

ත්‍රිකුණාමලය පොලිස් විශේෂ කාර්යාංශයේ ශ්‍රී පුර උප ඒකකයට ලද තොරතුරක් අනුව ශ්‍රී පුර පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය .

සැකකරු ශ්‍රී පුර පොලිස් වසමේ වෙහෙරගොඩ ප්‍රදේශයේ කොණ්ඩා කැපීමේ සැලුනයක් පවත්වාගෙන යන අතර අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් එම සැකකරු කැබැතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ශ්‍රී පුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි .