
සිංගප්පූරුවේ හිටපු අමාත්‍ය එස්. ඊශ්වරන්ට මාස 12 ක සිරදඬුවමක් නියම විය.
හිටපු අමාත්‍යවරයාට සිර දඬුවම් නියම වූයේ, ඔහු ඔහුගේ සමීපතම මිතුරන් ලෙස සැලකෙන ව්‍යාපාරිකයන් හත් දෙනකුගෙන් තෑගි මුදල් ලෙස සිංගප්පූරු ඩොලර් ලක්ෂ තුනකට වඩා වැඩි මුදලක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වීමෙනි.
ඉන්දීය සම්භවයක් සහිත ඊශ්වරන් වසර 13 ක් තිස්සේ සිංගප්පූරු කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කර ඇත. වෙළෙඳ, සන්නිවේදන සහ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ඊශ්වරන්ය. ඔහුට අමාත්‍ය ධුරය අහිමිවූයේ ද මෙම චෝදනා මුල්කොට ගනිමිනි.
අල්ලස් දූෂණ චා්දනා රැසක් එල්ල වී ඇති අතර, මාස 12 ක සිරදඬුවම් නියම වූයේ එක් නඩු විභාගයක් සම්බන්ධයෙනි.
එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්වරන් අධිකරණය හමුවේ වරද පිළිගත්තේ යැයි සිංගප්පූරු මාධ්‍ය වාර්තා කර ඇත.
මීට පෙර ද ඊශ්වරන් ට මේ අයුරින් දූෂණ සහ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
COMMENTS
සිංගප්පුරුව වගේ අපේ ලංකාවත් සාධාරණව වැරදිකරුවෝ තීරණය වුනොත් කට්ට් 99% ම ඇතුලෙ තමා.
සිංගප්පූරුවේ දශකයකට ආසන්න කාලයක් මම ජීවත් වුණා. හැමෝම කිව්වේ සිංගප්පූරුවේ අල්ලස දූෂණය නෑ කියලා. මමත් එහෙම තමා හිතාගෙන හිටියේ. ඒ්ත් ආපසු රට අත ඇරලා එන දවසේ (පුදුමය නම් එයයි) ගුවන්යානයේ මට අල්ලපු සීට් එකේ හිටි කාන්තාව කිව්වා, එයා ඩොලර් පනහක් දීලා ඉන්නා කාලය මාසයකින් දීර්ඝ කර ගත්තා කියලා. මම එයාට කිව්වා ඒක වෙන්න බෑ කියලා. නමුත් මට දැන් තේරෙනවා ඒක එහෙම වෙන්න ඇති කියලා. ලී සෙන් යූ කියන්නේ ලී ක්වාන් යූගේ පුතා.
සිංගප්පූරුවේ ඔය වගේ හොඳ නැති වැඩ කෙරුවට මෙහෙ එහෙම නෑ. මේක ලංකාව, ශ්‍රී ලංකාව!
ලංකාවේ වුනේ මේකේ අනිත් පැත්ත. මරණ දඩුවම නියම වුන මිනී මරුවෝ , ජනාධිපති සමාව ලැබිලා පාර්ලිමේන්තු ආවා
සිංගප්පුරුවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ
ලංකාවේ නම් තෑගි ලෙස බංගලාවල්, වාහන සහ මුදල් ඕන තරම් ගන්න පුළුවන් කිසි අවුලක් නෑ
තමන් ජීවත් වූ අතිසුඛෝපභෝගී නිවස, තැගී ලෙස ලැබූවක් බව දන්නේ නෑ කියපු ඇමති කෙනෙක් ලංකාවේ හිටියා.
තව ටික කලකින් ලංකාවෙනුත් ඉතිහාසයේ පළමුවරට මෙවැනි ප්‍රවෘති අසන්නට ලැබෙයි