
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක් බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
තැපැල්පතිවරයා මෙසේද පවසයි.
ලෝක පැපැල් දින ජාතික සැමරුම් උළෙල අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
එම සැමරුම් උළෙල සඳහා විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතාද සහභාගී වූ අතර 2024 ලෝක තැපැල් දින සමරු මුද්දරය සහ විශ්ව පැපැල් සංගමයේ 150 වන සංවත්සර සමරු මුද්දරය නිකුත් කිරීම ද එහිදී සිදුවිය.
අනතුරුව මෙම ජාතික උත්සවය සඳහා සහභාගී වූ ප්‍රධාන ආරාධිතයින් දෙපල වෙත, ඔවුන්ගේ රුව සහිත පුද්ගලකාරක මුද්දර ඇතුලත් සමරු තිළිණ දෙකක් ප්‍රදානය කිරීම සිදුවිය.
තැපැල් දෙපාර්තමේන්තුව විසින් කාණ්ඩ කිහිපයක් යටතේ මුද්දර නිකුත් කරනු ලබන අතර, 2024 ලෝක තැපැල් දින සමරු මුද්දරය සහ විශ්ව නැපැල් සංගමයේ 150 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන ලද මුද්දරය සමරු මුද්දර කාණ්ඩයටත්, උත්සවයේ ආරාධිතයින් දෙපල වෙත තිළිණ කරන ලද
පුද්ගලකාරක මුද්දර කාණ්ඩයටත් අයත් වේ. සැමරුම් සඳහා නිකුත් කරනු ලබන මුද්දර සමරු කාණ්ඩයටත් එදිනෙදා තැපැල් කටයුතු සඳහා භාවිතයට ගැනීම සඳහා විශාල සංඛ්‍යාවන්ගෙන් මුද්‍රණය කරනු ලබන මුද්දර, නිත්‍ය කාණ්ඩයටත් අයත් වේ.
තවද පුද්ගල කාරක මුද්දර, ඕනෑම පුද්ගලයෙකුට තමා නැමති රුවක් යොදා මුද්‍රණය කර ලබා ගැනීමට හැකියාව ඇති අතර තැපැල් දෙපාර්තමේන්තුව, සම්ප්‍රදායක් ලෙස විශේෂ අවස්ථාවන්හිදී පුද්ගලකාරක මුද්දර, සිහිවටන ලෙස ලබා දීම සිදු කරනු ලැබේ.
මෙය හුදෙක්ම සිහිවටක තිළිණයක් පමණි.
එහෙත් මේ වන විට මෙම සිදුවීම විකෘති කරමින් සමාජ මාධ්‍යයන් තුල පුවතක් හුවමාරු වෙමින් පවතී.
2024 ලෝක කැපැල් දිනය වෙනුවෙන් නිකුත් කරනු ලැබුවේ විශ්ව තැපැල් සංගමය විසින් සියළුම සාමාජිකරටවල මුද්දර සඳහා යොදා ගැනීමට නිර්මාණය කරන ලද චිත්‍ර ආකෘති ඇසුරෙන් නිර්මාණය කරන ලද මුද්දර දෙකක් වන අතර, එම මුද්දර සහිත මුල්දින කවරවල ඡායාරුප මේ සමග අමුණා ඇත.
තවද මෙවර ලෝක පැපැල් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය තුමියගේ හෝ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව ඇතුලත් මුද්දර නිකුත් නොකල බවද වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
තැපැල් දෙපාර්තමේන්තුව කරපු වැඩේ නම් නියමයි. දේශපාලන වේදිකාවට තවත් ලුණු ඇඹුල්...!
එම මුද්දර කාණ්ඩ පලමුව නිකුත් කලේ මා එහි අධ්‍යක්ෂ වශයේන් කටයුතු කල 2019 වර්ෂයේදීයි. තැපැල්පති වරයාට වැරැදි උපදෙස් ලැබිලා තියෙන්න පුළුවන්. මේවා නිකුත් කළයුතු ආකාරයන් දැක්වෙන නීති කොටස් මමත් එවකට නිපෝමාජ සිටි ගාමිනී මහතාත් එකතුව නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් සාකච්ඡා කොට සකස් කලා. ඒවා ඇති කියවා ගන්න කියන්න. කෙසේ නමුත් අපේ නමක්වත් සඳහන් වෙන්නේ නැහැ. කණගාටුයි ලංකාවේ හැටි ඔහොම තමයි. ඒවා පළමුව නිකුත් කලේ මගේ සංකල්පයක් අනුවයි. මගේ පොටෝ එක ඇතුලුව හෙඩ් ලයින් ගියා එය මා ගාව තිබෙනවා මහත්මයා. එවකට තැපැල් පති හිටියේ ඇම් කේ බී දිසානායක මහතායි. එහිදී මා විසින් අලුත් ප්‍රොඩක්ට් ගණනාවක් නිකුත් කර දෙපාර්තමේන්තුවට මුදල් උපයා දුන්නා. වැරැදි ආකාරයෙන් නීතියට පිටින් ගොස් නිකුත් කරන්න ගොස් මොකක් හරි අවුලක් දැන් ඉන්න තැපැල්පතිතුමා කරගෙනද දන්නේ නැහැ මහත්මයා..? මම දැන් මාලිමාවේ කොට්ඨාශ සභාවක උපදේශක කෙනෙක් මහත්මයා...
හරි ඒවා සිහිවටන කියමුකෝ, එයාලා එහෙම මුද්දර ඉල්ලුවාද? කව්ද සල්ලි ගෙව්වේ?
හැමෝම කරන්නේ කන්න ඕනෑ වුනාම කබරගොයා තලගොයා කරන එක. JVP එකත් කලේ ඒකමයි....
දූෂිත දේශපාලුවන්ට කඩේ ගිය, ඔවුන්ගේ අසූචී කාපු අයට දැන් කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ...!