IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හොරණ ප්‍රදේශයේ පිහිටි Rocell කර්මාන්තශාලාව පුළුල් කෙරේ

Rocell නවෝත්පාදනය  සහ නිෂ්පාදනයේ විශිෂ්ටත්වය ඉහළ නංවාලීම වෙනුවෙන් හොරණ ප්‍රදේශයේ පිහිටා තිබෙන සිය කර්මාන්තශාලාව පුළුල්  කිරීමට පියවර ගෙන තිබේ. මෙමඟින් Rocell හි දෛනික නිෂ්පාදන ධාරිතාවය වශාල ප්‍රමාණයකින් වර්ධනය කර ගැනීමට මෙන්ම 1000mm x 1000 mm, 1200 mm x  800mm x, සහ 800 mm x,  800 mm, ඇතුළු විශාල ටයිල්  රැසක් හඳුන්වා දීමට හැකියාව ලැබෙනු ඇතැයි එම සමාගම සඳහන් කරයි.

Rocellසතු අන්තර්ජාතික ප්‍රමිතිගත තාක්‍ෂණය, තාක්ෂණික නිපුණතාවෙන් පොහොසත් සේවක මණ්ඩලය, අතිනවීන යන්ත්‍රෝපකරණ මෙන්ම   නවීන නිෂ්පාදන සඳහා ආයෝජනය කිරීමේ හැකියාවෙන් Rocellනිෂ්පාදනවල අසමසම නිර්මාණශීලීත්වය සහ සුවිශේෂී ගුණාත්මකභාවය සහතික කෙරේ. එමෙන්ම දශක තුනකට වඩා දිගු කලක් Rocellමෙරට ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන  ක්ෂේත්‍රය තුළ  උසස්  තත්ත්වයේ ටයිල් සහ නාන කාමර උපාංග නිෂ්පාදකයා ලෙස ඉහළ  පාරිභෝගික විශ්වාසයක් සහ කීර්තියක් දිනාගෙන ඇති අතර  ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ ශිල්පීන්ගේ දායකත්වයෙන්  Rocell නිෂ්පාදනවල උසස් තත්ත්වයට වැඩි වටිනාකමක් එකතු කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් Rocellහි නිෂ්පාදන අධ්‍යක්ෂ නන්දජිත් සෝමරත්න මහතා මෙසේ සඳහන් කළේය. ”‍හොරණ ප්‍රදේශයේ පිහිටා තිබෙන අපගේ Rocellකර්මාන්තශාලාව තවදුරටත් පුළුල් කිරීමට පියවර ගැනීම  Rocell සතු විශිෂ්ටත්වය මැනවින් ප්‍රදර්ශනය කරන කදිම සාක්ෂියක් වන බැවින්  මෙම කර්මාන්තශාලාව පුළුල් කිරීමේ ක්‍රියාවලිය ගැන  අප බොහෝ සතුටු වෙනවා. නිෂ්පාදනවල උසස් තත්ත්වය සහ ගුණාත්මක බව පවත්වාගැනීම වෙනුවෙන් අප ආයතනය නිරන්තරයෙන් සුවිශේෂී අවධානයක් යොමුකරමින්  කැපවී සිටිනවා. මෙම සෑම ක්‍රියාමාර්ගයක් ඔස්සේම අපගේ ගනුදෙනුකරුවන් වෙත හොඳම දේ ලබාදීමට අප බලාපොරොත්තු වන අතර එය නිසැකවම අප ආයතනයේ ඉලක්ක වෙත ගමන් කිරීමට තවත් වැදගත් පියවරක් වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”‍

හොරණ ප්‍රදේශයේ පිහිටි මෙම Rocell කර්මාන්තශාලාව පුළුල්  කිරීමෙන් ටයිල්  විලාසිතා  නිෂ්පාදනයේ නව යුගයක ආරම්භය සනිටුහන් වන අතර එය දිවයින පුරා සිටින ඉහළ රසවින්දනයක් සහිත නිර්මාණශීලී පාරිභෝගිකයන්ට සිය සිතැඟි පරිදි ටයිල් විලාසිතාවන් තෝරා ගැනීම වෙනුවෙන් මහඟු‍ අවස්ථාවක් උදාකරනු ඇත.

595



අදහස් (0)

හොරණ ප්‍රදේශයේ පිහිටි Rocell කර්මාන්තශාලාව පුළුල් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site