IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


හිරුණිකාට එරෙහි වරෙන්තුව ආපසු කැඳවයි

(රෝෂන් තුෂාර)

නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නිකුත් කළ වරෙන්තුව ආපසුකැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා  ලක්මාලි මහත්මිය අද(10) නියෝග කළාය. 

මීට වසර දෙකකට පෙර (2022)වීදි නාට්‍යයක් කරමින්,මහජන පීඩාවන් සහ  පොලිස් රාජකාරියට බාධා කළේ යැයි පවසමින් කුරුදුවත්ත පොලිසිය ගොනුකොට තිබූ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව අද උදෑසන නිකුත් කළාය .

සැකකාරිය වරෙන්තු  නිකුත් කොට ටික වේලාවකට පසු  නීතීඥ වරයකු  මාර්ගයෙන් අධිකරණයේ පෙනී සිටීම හේතුවෙන් වරෙන්තු ආපසු කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.



අදහස් (5)

හිරුණිකාට එරෙහි වරෙන්තුව ආපසු කැඳවයි

රම්බොඩ Monday, 10 February 2025 11:08 AM

මෙව්ව නම් රටට වැඩක් නැති දේවල්.

:       3       15

සෞදි-සිංහ Monday, 10 February 2025 11:18 AM

මේවා ආණ්ඩුවේ වැඩ නෙමයි, කාලයක් තිස්සේ අධිකරණවල පවතින නඩු

:       3       21

සෙනෙවිරත්න Monday, 10 February 2025 12:32 PM

රම්බොඩ දැන් තියෙන්නෙ තමුන්ලට පුරුදු ක්‍රමයෙ රජයක් නොවෙයි, ඒක නිසා උසාවිය සී අයිඩිය,නීතිපති කරන සේරම රජයෙ බලපෑම මත වෙනව කියල හිතන්න එපා, එහෙම කාලෙකට යන්න ජනතාව කැමති නැහැ ,තමුන්ලගෙ බංකලොත් නායකයො කැමති උනාට

:       7       14

එඩී Monday, 10 February 2025 01:51 PM

සෙනෙවිරත්නලා තමන්ගේ රෙදි උනා දනා මාලිමාව රැක ගැනීමට දරන මෝඩ උත්සාහයට අපි අනුකම්පා කරමු.

:       8       9

පොඩිඑකාMonday, 10 February 2025 03:09 PM

අධිකරණය යනු මාලිමාව යැයි සිතා සිටිනා එඩියාගේ මන්ද බුද්ධික බවට අපි අනුකම්පා කරමු.

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 862 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site