
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දීම සඳහා කෙටි සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇතැයි ජනාධිපති ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් අප්‍රේල් 23 දාට පෙර බාරදිය යුතු බවට ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපතිවරුන් වෙත අප්‍රේල් 19 වැනිදා ලිඛිත දැනුම් දීමක් කර කළේය.
හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන,ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් වෙත ජනාධිපති ලේකම්වරයා මෙම දැනුම් දීම කර තිබිණි.
අදාළ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එන නිලධරයා වෙත බාර දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා කළ දැනුම් දීමේ සඳහන් වේ.
කැබිනට් අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් මීට පෙර චක්‍රලේඛයක් නිකුත් කෙරුණු අතර හිටපු ජනාධිපතිවරුන්ටද හිමිවන්නේ කැබිනට් අමාත්‍යවරයකුට හිමි වරප්‍රසාද පමණක් වන බැවින් හිටපු ජනාධිපතිවරුන්ට හිමි වාහන ගණනද දෙකකට සීමා කර තිබෙන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාරයාලයෙන් ලබා දුන් වාහන තුනෙන් එකක් ඉතා නුදුරු දිනකදී ආපසු ලබා ගැනීමට කටයුතු කරනු ඇතැයි ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්න ජනාධිපතිත් පරිවාර වාහන 10ක් විතර දාගෙන පොලිස් ගාඩ් දාගෙන යනවා, ඒවත් අඩු කරොත් හොඳා
ඇයි ඒ වාහනෙන් ලෝකෙ වටේ යන ගමන්ද ඉන්නෙ. සහන කාල දෙන්නෙ ණය ගෙවන්න.
ඉතාම හොඳ තීරණයක්. රට බංකොලොත් කරපු ගොටාභය වත් අපිද නඩත්තු කරන්න ඕන.