IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පුරෝගාමී ණය ක්‍රමයේ අරමුණ වන්නේ වී මෝල් හිමියන්ට, වී එකතු කරන්නන්ට සහ වී ගබඩා හිමියන්ට වඩාත් පහසුවෙන් ණය ලබාගැනීමට අවස්ථාව සලසා දීම ය. මෙය මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය සවිබල ගන්වන සුවිශේෂී පියවරක් වනු ඇත.

මෙම ණය යෝජනා ක්‍රමය 2024 පෙබරවාරි 01 දින සිට 2024 අප්‍රේල් 30 දින දක්වා ක්‍රියාත්මක වේ. සෙලාන් බැංකුව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත නගාසිටුවමින් රටේ ආර්ථික වර්ධනය උදෙසා ඉටුකරන ලද මහඟු මෙහෙවර නිසා එම බැංකුව මෙම යෝජනා ක්‍රමයේ අරමුදල් නිකුත් කිරීම සඳහා තෝරාගෙන තිබේ.

මෙම ණය ක්‍රමයේ විශේෂත්වයන් වන්නේ සියයට 11 ක තරගකාරී පොලී අනුපාතයක් හිමි වීම සහ ආපසු ගෙවීම සඳහා මාස 6 ක කාලයක් හිමි වීම ය.මෙම වාසිදායක කොන්දේසි විශේෂයෙන් වී එක්රැස් කරන්නන්ට වාසිදායක වනු ඇත. මෙමගින් ඔවුන්ට තම වී, බැංකුවට තබන ඇපයක් ලෙස භාවිතා කළ හැකි වේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ, වලංගු ව්‍යාපාර ලියාපදිංචියක් තිබීම සහ දිනකට උපරිම වශයෙන් මෙට්‍රික් ටොන් 25 ක ධාරිතාවක් තිබීම වැනි මූලික කොන්දේසි සපුරාලන වී මෝල් හිමියන්ට රු. මිලියන 50 ක් දක්වා ණය පහසුකම් ලබාගත හැකි වේ. මීට අමතරව වලංගු ව්‍යාපාර ලියාපදිංචියක් සහිත වී එකතු කරන්නන්ට සහ වී ගබඩා හිමියන්ට රු. මිලියන 25 ක් දක්වා ණය ලබාගත හැකි වනු ඇත. මෙම අරමුදල් මගින් කෘෂිකර්මාන්තයේ ආර්ථික ක්‍රියාකාරකම් දිරිගැන්වෙනු ඇති බවත් ඒ ඔස්සේ සමස්ත ආර්ථිකයට යහපත් දායකත්වයක් ලැබෙනු ඇති බවත් සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

සෙලාන් බැංකුව මෙම පුරෝගාමී වැඩසටහනේ මූල්‍ය අතරමැදියකු ලෙස කටයුතු කරනුයේ මේ දක්වා මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය නගාසිටුවීම සඳහා එම බැංකුව විසින් ඉටුකරන ලද මෙහෙවරෙහි තවත් වැදගත් පියවරක් වශයෙනි. මෙවැනි සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සැලසීමෙන් වී මෝල් හිමියන්ට, වී එකතු කරන්නන්ට සහ වී ගබඩා හිමියන්ට ප්‍රතිලාභ රැසක් හිමි වන අතර, එය මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ තිරසාර වර්ධනයක් ඇතිකිරීමට දායක වන පියවරක් වනු ඇත.

-595



අදහස් (0)

සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site